ටේහියුන්ග් එක්ක වෙච්ච බහින් බස් වීමෙන් පස්සේ ජන්කුක්ගේ කකුල් ඉබේම ඇදුනේ එයාලා හැම නිතරම මුණ ගැහුනූ ඒ උද්‍යානය දිහාවට...
ජන්කුක්ට තනියම ඉන්න ඕන උනා...ඒ වේදනා දෙන හදවත සුවපත් වෙනකන් කෑගහලා අඬන්න ඕන උනා...ජන්කුක්ට මුලු ගමෙන්ම හැංගිලා හැමදේම අමතක කරන්න ඕන උනා....
වෙනදා ඉද ගන්න බංකුව උඩින් වාඩි උන ජන්කුක් ඔලුව උස්සලා ඒ ඉස්සරහාම තිබුන රෝස පැල දිහා බැලුවා....
ඒ මනසම හිස් වෙලා ගිහින්....හිත නිදහස් කර ගන්න කියලා උද්‍යානයට ආවාත් මොකද ඒ ඇස් වලින් වැටුන කඳුලු නවතිනවා වෙනුවට නොනැවතිමක් නැතුව පහලට ගලාගෙන ගියා....
' ජන්කු '
ඉකි ගගහා හිටිය ජන්කුක්ගේ කන් වලට ඒ හඬ මිමිනුම් ස්වරයකින් ඇහෙනකොට ගැස්සිලා ගියපූ ජන්කුක් කලබලෙන් තමන්ගේ දකුණු පැත්තට බෙල්ල හැරෙව්වා....
නමුත් මේ වෙනකොටත් ඒ උද්‍යානයේ හිටියේ ජන්කුක් විතරයි....
වැඩිවෙලා නොයාම ජන්කුක්ගේ කන් ඇතුලේ තමන්ගෙත් ටේහියුන්ග්ගේත් හඬවල් රැව් දෙන්න පටන් ගත්තා....මනසින් ඇහෙන ඒ හඬවල් මුලු කන් දෙක පුරාම දිව්වා...
කලින් බලාගෙන හිටිය රෝස පැල එකපාරම අතුරුදහන් වෙලා ගියා...තවදුරටත් ජන්කුක්ට ඒ රෝස පැල පෙනුනේ නැහැ...එයා ඒ වෙනුවට ටේහියුන්ග්ව දැක්කා...ටේහියුන්ට තුරුල් වෙලා හිටිය තමන්වම දැක්කා....
ජන්කුක්ගේ මතකයන් අවුරුදු ගානක් ආපස්සට ජන්කුක්ව ඇදගෙන ගියා....
ජන්කුක් මතක ගොඩාක් අස්සේ අවසානේ එකම එක තැනක නැවතුනා....
ඒ ටේහියුන්ග් ජන්කුක්ව මුලින්ම බලන්න ආපූ දවස...
ඉපදිලා දවසක් උන ජන්කුක්ට ටේහියුන්ග්ව හරිහැටි නොහැදිනුවත් යූනා කිව්ව කතාත් එක්ක ටේහියුන්ග්ගේ චුටි කාලේ පින්තුර දැක තිබ්බ ජන්කුක් එදා දවසේ වෙච්ච සේරම දේවල් තමන්ගේ විදිහට මවා ගත්තා....
යූනා කිව්වා ටේහියුන්ග් සිනී බෝල බෑගයක් අරන් තමන්ව බලන්න ආව විදිහ ගැන...යූනා කිව්වා අමාරුවෙන් ඇඳ උඩට නැගලා තමන්ව අත් උඩින් තියන්න කියලා ටේහියුන්ග් ඉල්ලපූ විදිහ ගැන....යූනා කිව්වා තමන් නොදැනුවත්වම ටේහියුන්ග්ගේ කමිසය තෙත් කරපූ විදිහ ගැන....
YOU ARE READING
Call me by your name 🦋 ( Completed ✅)
Fanfictionපිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එයින් කෙනෙක් නම් ටේහියුන්ග්ය , ගමේ නම ගිය තරමක් ධනවත් පවුලකට හිමිකම් කිව්ව ටේහියුන්ග් වැඩිවියට පත් වීම...