Chapter 26

1.6K 279 396
                                    

දවස් දෙකක් සමාන්‍ය විදිහට ගෙවුනා...

නම්ජුන් සාලේ බිත්තියේ එල්ලලා තිබ්බ දින දර්ශනය දිහා බලාගෙන දින වගයක් ගණන් කරලා එහෙමම පිටිපස්සට හැරුනා...

නම්ජුන්ගේ ඉස්සරහා තිබ්බ සැටිය උඩ ටේහියුන්ග්නුයි ලූනායි ඉදගෙන හිටියා...

ඒ දෙන්නා දිහාම බලපූ නම්ජුන් කාටත් කලියෙන් තමන්ගේ හඬ විවර කරා...

" අපිට සෝල් යන්න අදත් එක්ක තව දවස් හයක් තියෙනවා...අපි හෙට උදේන්ම මෙහෙන් පිටත් උනොත් එහෙ දවස් දෙකක් ඉදලා ඉන් අනිද්දා එන්න පුලුවන්... ඇවිල්ලාත් අපිට සම්පුර්ණ දවස් දෙකක් ඉතුරුයි....මොකද ඔයාලා කියන්නේ ? "

නම්ජුන් දින බලලා හදපු සැලැස්ම ටේහියුන්ග් ලූනා දෙන්නාටම කියලා එයාලාගේන් උත්තරයක් එනකන් බලන් ඉද්දි ටේහියුන්ග් ලූනා දෙන්නා මුහුනට මුහුන බලා ගත්තා...

" බඩු ටික ලෑස්ති කර ගන්න ටයිම් එක තියෙනවා නම් මට ප්‍රශ්නයක් නැහැ..."

ලූනා එහෙම කියලා ටේහියුන්ග්ගේ අතින් ඇල්ලුවා...ටේහියුන්ග් ඒ ක්ශනිකයෙන්ම ලූනාගෙන් අත ගලව ගත්තා...

ලූනාගේ උත්තරේත් එක්ක නම්ජුන් ටේහියුන්ග් දිහා බැලුවා...

" එතකොට ටේහියුන්ග් ? "

" මට නම් කොහෙත්ම ප්‍රශ්නයක් නැහැ...නමුත් හදිස්සියේම දා ගත්ත මේ ගමනට යූනා ඔම්මා ජන්කූව එවයිද දන්නේ නැහැ ? "

" අපි දැන් ගිහින් නැන්දාගෙන් පර්මිශන් ගමූ...අපි කට්ටියම ඉන්න හින්දා නැන්දාට බය වෙන්න දෙයකුත් නැහැ නේ...."

Call me by your name 🦋 ( Completed ✅)Where stories live. Discover now