Chapter 20

1.5K 288 692
                                    

" ආආආආආආ....!!!!! "

මුලු තේ වත්තම දෙදරන්න මෙච්චර වෙලා හොඳට හිටිය ලූනා යටි ගිරියෙන් විලාප තිබ්බා....

ඒ සද්දෙන් ඊට එහා පැත්තෙම ගල උඩ වාඩි වෙලා හිටිය ටේහියුන්ග් ගැස්සිලා යද්දි එයාලාට වඩා ටිකක් එහාට වෙන්න හිටිය නම්ජුන් ජන්කුක් දෙන්නාද එකටම ඒ පැත්තට බෙල්ල හැරෙව්වා....

උදේන්ම හිරු නැගගෙන එන විදිහ බලන්න ආසායි කිව්ව නම්ජුන්ව එක්කරගෙන ටේහියුන්ග් ආවේ තේ වත්තට....

එතනට විතරයි මුලු ගමෙන්ම ලස්සනට හිරු උදාව පෙනුනේ....

නම්ජුන් තේ වත්තට පැමිණෙනවත් එක්කම එයාලාටත් කලින් යූනා එක්ක තේ දලු නෙලන්න ආව ජන්කුක් පහල බෑමුවේ ඉදන් උඩට දුවගෙන ආවේ හිනා වෙවී...

එදා ජන්කුක් වතුර ගෙන්න නොගියා...ඒ වෙනුවට එයා යූනා එක්ක තේ වත්තට එන්න තීරණේ කරා....

ජන්කුක් ලස්සනට හිනා වෙමින් තමන් දිහාවට දුවගෙන එනවා දැක්ක ටේහියුන්ග්ගේ මුවේද හීන් හිනාවක් ඇදිලා ගියේ ජන්කුක් දුවගෙන එන්නේ තමන් ලඟට වෙන්න ඇති කියලා හිතලා...

නමුත් කොහොමද ටේහියුන්ග් අමතක කරේ එයාලා අතර වෙච්ච බහින් බස් වීම...

ඊට තප්පර කිහිපයකට පස්සේ ටේහියුන්ග්ව ඇත්තටම විමතියට පත් කරමින් ජන්කුක් අවසානේ නැවතුනේ නම්ජුන් ලඟ....

ඒ දෙන්නා කාලේක ඉදන් අඳුරන දෙදෙනෙක් වගේ සුහඳව කතා කරන විදිහ දැක්කාම ටේහියුන්ග්ට පුදුමයක් මුසු කුතුහලයක් ඇති උනා....

කලින් දවසේ නම්ජුන් ආව ගිය ගමන් ගැන ටේහියුන්ග් මේ වෙනකොටත් නොදැන සිටීම ඊට මුල්ම හේතුව උනා....

එතනින් පස්සේ ජන්කුක් නම්ජුන්වත් එක්කගෙන ලඟ තිබ්බ ගලක් උඩින් වාඩි වෙද්දි එයාලා දිහා අමුතු බැල්මක් දැම්ම ටේහියුන්ග්ගේ ඇස් දෙක එහෙමම ජන්කුක් අල්ලගෙන හිටිය නම්ජුන්ගේ අත දිහාවට ගියා....

ටේහියුන්ග්නුත් තමන්ව දැකලාත් නොදැක්ක ගානට ඉන්න ජන්කුක් දිහා බලාගෙනම ලූනාත් එක්ක නම්ජුන්ලාට ටිකක් එහාට වෙන්න තිබ්බ ගලක් උඩින් වාඩි වෙලා ඉර පායනකන් බලාගෙන හිටියා...

Call me by your name 🦋 ( Completed ✅)Where stories live. Discover now