' හියුන්ගී '
රාත්‍රි දෙක පසු වී මිනිත්තු දහයක් පමණ ගත වී තිබුනා...
" අහ් ! "
ඇරිලා තිබුන ජනෙල් පියන් අතරින් මද සුලඟක් කාමරයට ඇතුල් උනාත් මුලු ඇඟම දහඩියෙන් තෙමාගෙන හිටිය ටේහියුන්ග් එකපාරම ඇස් අරින ගමන් කලබලෙන් ඇඳෙන් කෙලින් උනා...
තවමත් තමන් දැක්කේ හීනයක්ද කියලා තේරුම් ගන්න අපහසු උන ටේහියුන්ග් වේගෙන් තමන්ගේ හුස්ම ඉහල පහල කරමින් කාමරේ පුරාම ඇස් ගෙනිච්චා...
හුස්ම නැවතත් යථා තත්වයට පත් වෙද්දි ටේහියුන්ග් තේරුම් ගත්තා තමන් බය වෙලා තිබ්බේ වෙනදා දකින සිහිනයටමයි කියලා....
ටේහියුන්ට ලඟකදි ඉදන් හැම රාත්‍රියකම වගේ මේ දේ සිද්ද උනා...
ඒ නිසාම ටේහියුන්ග්ට දැන් දවසක් ගානක් තිස්සෙම නින්දත් අහිමියි....
දවස තිස්සේම ජන්කුක් ගැන සිහියට නැගෙන ටේහියුන්ග් රාත්‍රියේ නින්දෙදි පවා දැක්කේ ජන්කුක් ගැන තිබුන හීන...
නමුත් ඒවා වෙනදා එව්වා තරම් නම් සුන්දර නොවුනා...
ටේහියුන්ග් හැමදාම රෑට ජන්කුක් තමන්ව සදහටම දාලා යන විදිහේ හීන දැක්කා...
ඒ වගේ හීන පේන හැම දවසකම ජන්කුක් තවත් නම්ජුන්ට කිට්ටු වෙන විදිහ ටේහියුන්ග්ට තමන්ගේ ඇස් වලින්ම දැක ගන්න ලැබුනා...
අදත් ඒ වගේම හීනයක්...
ටේහියුන්ග් ලඟ තිබ්බ වතුර වීදුරුව එක හුස්මට බීලා ඉවර කරමින් කකුල් දෙක පපුවට හේත්තු කරන් කොණ්ඩේ අස්සෙන් ඇඟිලි ගෙනියන ගමන්ම දණහිස් අතර මුහුණ ගහ ගත්තා....
මේ හීනේ නිසා ටේහියුන්ග් දැන් පහුවෙනිදාට සුර්යයා නැග එනවටත් බය උනා...
හෙට දවසේදි මොන විදිහේ හිත බිඳිලා යන දේවල් සිද්ද වෙයිද කියන්න ටේහියුන්ග්ට නිශ්චිත අදහසක් නැති උනාත් ඒ හිත දැන්ම බිය කියන වලාකුලු වලින් වෙලිලා ගිහින්...
මේ වෙනකොට ජන්කුක්ගේ සම්පුර්ණ සැලැස්මම ටේහියුන්ග්ට තමන්ගේ යාලුවෙක්ගේ මාර්ගෙකින් දැන ගන්න ලැබුනා....
YOU ARE READING
Call me by your name 🦋 ( Completed ✅)
Fanfictionපිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එයින් කෙනෙක් නම් ටේහියුන්ග්ය , ගමේ නම ගිය තරමක් ධනවත් පවුලකට හිමිකම් කිව්ව ටේහියුන්ග් වැඩිවියට පත් වීම...