"මේකත් අවුලක්ම නෑ"

දනිස්සෙන් ටිකක් උඩට තියන තමන් ඇදන් ඉන්න ජංකුක්ගේ ටී ශර්ට් එක දිහා බලන් ටේ තමන්ටම මුමුණ ගත්තා. boxer short එකක් ඇන්දත් ඒකත් පේන්නේ නැති තරම්.සූගේ රූම් එකට ගිහින් ඕඩිකොලොන් බේබී ක්‍රීම් ගාගෙන පහලට ආවා.

සූට කවලා ඉවර වෙලා සාලේ සෝෆා එකෙ ඉදන් සෙල්ලම් කරන තාත්තයි දුවයි ගාවට ටේ හිනාවෙමින් ඇවිදන් ආවා.

"හියුන්ග් ගිහින් වොශ් එකක් දා ගත්තොත් නරකද? දැන් රෑ අටත් පහු වෙලා."

"අහ් මන් යන්...."

ටේගේ කටහඩට පිටිපස්සට හැරුනු ජංකුක්ගේ වචන හිර උනේ ටේව දැකලා.තමන්ගේ ටීශර්ට් එක ඇතුලේ ගිලිලා ඉන්න ටේව ජංකුක්ට පෙනුනේ හුරතල් බවයි සරාගී බවයි දෙකම මික්ස් වෙච්ච කෙනෙක් වගේ.

"අහ්ම්...මන් ගිහින් වොශ් එකක් දාලා එන්නම් එතකන් ටේ කන්න බඩගිනි ඇතිනේ."

"හියුන්ග් ගිහින් එන්නකෝ ඔයත් ආවම මන් කන්නම්."

ජංකුක් ඔලුව වනලා උඩට යද්දි ටේ සූව උකුලට අරන් හුරතල් කරන්න ගත්තේ සූ මහා හඩින් හිනා වෙද්දි.ජංකුක් වොශ් එකක් දාන් කලු පාට ශෝර්ට් එකයි ටී එකයි ඇදන් පහලට ආවා.දෙන්නම කාලා සූවත් අරන් උඩට ගියේ නිදාගන්න.හෙට ඔෆිස් යන්නත් ඔන නේ.

රූම් එකට ආපු ටේ ඇදේ එක කොනකින් වාඩි වෙලා සූව මැදින් තියලා බෝල පස්සට තට්ටු කරන්න ගත්තේ දැනටමත් අඩ නින්දේ ඉන්න සූ තව තවත් ටේ තුරුල් වෙද්දි.රූම් එකේ ලයිට්ස් ඕෆ් කරලා ටේබල් ලෑම්ප් එක විතරක් ඔන් කරපු ජංකුක් ටේට හිමින් කතා කරා.

"ටේ.."

"ම්ම්.."

"ඔයාට කොමත් ඔෆිස් එන්නයි සූව බලා ගන්නයි දෙකක් බෑනේ ඒ නිසා මන් යුන්ගිට කියුවා මට secretary කෙනෙක් බලන්න කියලා.ප්‍රශ්නයක් නෑනේ."

"නෑ හියුන්ග් ඒත් ඔයා secretary කෙනෙක් හොයා ගන්නකන් මට එන්න වෙයි නේ."

"ම්ම්..ඒම ඕනේ නෑ යුන්ගි කෝමත් හෙට අනිද්දම කෙනෙක් හොයා ගනියි.මේ දවස් වල අලුත් projects මුකුත් නැති නිසා වැඩිය වැඩ නෑ.ඔයා හෙට apartment එකට ගිහින් බඩු ටික අරන් එන්න මන් කාර් එකක් එවන්නම්"

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now