17.(Not) END

235 43 21
                                    


මේ හැමදෙයක්ම සිද්ධ වෙලා දැන් සෙති 2ක් විතර ගත වෙලා ඉවරයි....
Victonගේ මරණ වාර්ථාවට අනුව එයා මැරිලා තිබ්බෙ හදවත හරහා කිණිස්සක් මඟින් ඇතිකරගෙන තිබ්බ කැපුමක් හේතුවෙන්...පොලිස් පරීක්ෂණ වාර්ථා හා වෛද්‍ය වාර්ථා වලට අනුව victon දරුණු මානසික රෝගයකින් පීඩා විදපු බව සදහන් උණා...
එයා කලින් කරපු මරණයන් ගැන තිබ්බ නඩුවෙදි අපිට පුලුවන් උණා එයා විසින්ම එදා අපට කියපු හැමදෙයක්ම අධිකරණය හමුවේ ඉදිරිපත් කරන්න...ඒ නිසා ශිනිගමී ඒ වරදින් නිදහස් උණා...ඒ වගේම අපිව බේර ගන්න ඉදිරිපත් උන යුංගි හියුන්ගෙ තනතුර තවත් උසස් උණා...
අද තමයි ඒ නඩු විභහ⁣ගයේ අවසානය සිද්ධ උණේ...විත්ති කරු වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කිසිම කෙනෙක් නොසිටීමයි ප්‍රබල සාක්ෂි රැසක් විත්තිකරුට එරෙහිව තිබීම නිසයි මේ නඩුව මෙච්ච ඉක්මනට ඉවර වෙන්න හේතු උණා කියුවොත් හරි...

මේ සිද්ධියෙන් පස්ස මම තීරණය කළා ටේහියුන්වත් එක්කගෙන ඕස්ට්‍රේලියාවට යන්න...එතකොට එයාට එහෙ සෞන්දර්ය විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙලා වැඩිදුරටත් චිත්‍ර කලාව හදාරන්න පුලුවන්...
හෙටම මෙහෙන් යන්න අපි හැමදෙයක්ම සූදානම් කරගමිනුයි හිටියේ...

දැන් වෙලාව රෑ 10.30 යි...හෙට උදේ 4ට ඕස්ට්‍රේලියාව බලා ගමන් කරන ගුවන් යානයේ අපි වෙනුවෙන් අසුන් දෙකක් කලින් ම වෙන් වෙලා තිබුණා...

"දැන් කොහෙද උබෙයි ටේගෙයි පාස්පෝට් දෙක?"

අපෙ උදව්වට ආපු ජිමිනා බෙරිහන් දුන්නෙ සාලෙ සෝෆා එකෙ දිගෑදිලා නිදාගෙන හිටපු යුංගි හියුන් උඩ ගිහින් ඇහැරෙන විදිහට...

"ඔයා ඔහොම කෑ ගහලා උගුරු දණ්ඩ නැති කරගන්නද හදන්නෙ ලමයො?"

කකුල් පහලට දාලා සෝෆාවෙන් වාඩි උන යුංගි හියුන් ඇහුවෙ ජිමින් දිහා බලාගෙන...

"තමුසෙටත් ඉතින් නිදාගන්න තියේනම් කොතන හරි කමන්නෑ...ඇවිල්ලා මෙන්න මේ බෑග් ටික අර දොර ළඟින් තියන්න මට උදව් කරනවා...!!!

ජන්කුක් තමුන් මේ දැන්ම මට පාස්පෝට් දෙක ගෙනත් දෙනවා..."

"හරි හරි ඉතින් කෑ ගහන්නෙපා මේ තියෙන්නෙ..."
ඉක්මනින්ම මගෙ අතේ තිබ්බ පාස්පෝට් දෙක ජිමින් දුන්න මම බෑග් වලට අපෙ බඩු අඩුක්කරගන්න ගත්තෙ ජිමින්ගෙ කීමට බෑග් අදින යුංගි හියුන් දිහාත් බලමින්...

𝙎𝙃𝙄𝙉𝙄𝙂𝘼𝙈𝙄(死神)ᵛᵏ ✔︎Where stories live. Discover now