7.Find the truth

225 57 11
                                    

" Excuse me Mister, මට කියන්න පුලුවන්ද Mr.jesonට මොකක්ද උනේ කියලා..."

තට්ටු කිහිපයක් තිබ්බ බිල්ඩිම පහල ලේ විලක් වෙලා තිබුණෙ මෙතන සිද්ධ උන දේ පිලිබඳව පොඩි ඉඟියක් දෙන්න වගේ...

මගෙ කටහඬින් බිල්ඩිමේ උඩ තට්ටු දිහා බලාගෙන හිටපු වැඩිහිටි නිවාසෙ භාරකාරයා අපි දිහා බැලුවෙ බොහොම කලකිරීමක් එක්ක කැටි උ⁣නු දුකක් එක්ක...ඒක ඔහුගෙ මූණින් හොඳින්ම පෙනුනා...

" Building එක උඩින් පැනලා suicide කර ගන්න හැදුවා"

තවත් කිසිවක් නොකියා එතනින් ඉවත් උනු ඔහු දුරකථන ඇමතුමක් ලබා ගන්නා අතරෙ මගෙ ඇස් වටපිටාව නිරීක්ෂණයක යෙදුනෙ බොහොම සෙමින්...
ඒත්,
අදත් ඒ රූපෙ...ඒ විදියටම....
සෙනඟ අතරින් නොපෙනී ගියා...

'ඇයි මාව මෙහෙම අමාරුවෙ දාන්නෙ ශිනිගමී'

හම්බෙලා වචන දහයකට වැඩිය කතා කරලා නොතිබුණත්,අනෙක් අයට වඩා විශේෂ විදියට මට එයාව දැනෙන්න ගත්තෙ එයා දැකපු පලවෙනි දවසෙමයි...එදා ඉඳලා මම එහෙම එයාට ළං වෙලා එයත් එක්ක ඉන්න,එයා දිහා බලාගෙන ඉන්න එච්චර කැමති ඇයි කියන්න මම දන්නෙත් නැහැ...
සමහර විට ඒ එයාගෙ හුරතල් පෙනුම නිසා වෙන්න ඇති..

ශිනිගමී ගැන හිතන ගමන්ම වටපිට බලපු මට ජේසන් පැන්නාය කියපු තැන දිහාවට ඇස් යොමු උනේ හිතා මතා නොවුනත් අනෙක් අය නොදැක්ක දෙයක් මට මගෙ ඇස් වලින් දකින්න පුලුවන් උනේ පුදුමයකට වගේ...

බිල්ඩිමේ උඩ ජේසන්ගෙ කාමරෙ ජනේලය කියලා හිතන්න පුලුවන් තැනක කම්බි කූරක එල්ලිලා ලෙලදෙන කොළ කෑල්ලකට මගෙ අවදානය ගියෙ ඒක ලේ වලින් පෙගිලා තිබ්බ නිසා වෙන්නත් පුලුවන්...

"ඒයි ජන්කූක්...කොහෙද යන්නෙ!! තමුසෙට පිස්සුද !"

ඉක්මනින්ම බිල්ඩින් එක ඇතුලට දුවපු මම ජේසන්ගෙ කාමරය පැත්තට වේගෙන් ඇවිදින්න ගත්තෙ ජිමින් බෙරිහන් දෙන ගමන් මගෙ පස්සෙන් ඇවිදන් එද්දි..
දොර අඩවල් කර තිබු කාමරය කඩාගෙන වැදුන මම කාමරෙ බිම විසිරිලා තිබුණ පොත්පත්,සඟරා වලට උඩින් අඩි තිය තිය ජනේලය ළඟට ළං වෙලා ඉක්මනින් එතන එල්ලෙමින් තිබ්බ කොලය අතට ගත්තෙ තවත් කෙනෙක් ඒක දකින්නනම් එපා කියලා ප්‍රාර්ථනා කරන ගමන්...

𝙎𝙃𝙄𝙉𝙄𝙂𝘼𝙈𝙄(死神)ᵛᵏ ✔︎जहाँ कहानियाँ रहती हैं। अभी खोजें