13.Right? or Wrong?

152 47 0
                                    


ඒත් මට ශිනිගමීගෙන් ලැබුණෙ මම කවදාවත් ලැබෙයි කියලා නොහිතපු පිලිතුරක්....

"හරි කියන්නම්..."

සරල විදිහට උත්තර දුන්න ශිනිගමී දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු මම මගෙ අදහස වෙනස් කරගත්තා....

"හැමදෙයක්ම?"

"හොඳයි, හැබැයි ඒක කතා පොතක් වගෙ ලස්සන කතාවක් නෙමෙයි"

"ඒකට කමක් නැහැ....මට පුලුවන් ඇහුම්කන් දෙන්න...."

ශිනිගමී හොඳ හුස්මක් ඇඳගනිමින් කතාවට මුල පුරද්දි මගෙ මුලු අවදානයම මම ශිනිගමීට යොමු කලා....

" Mr.jeon දන්නවද මම ඉපදුනේ සෝල් වල...හැදුනෙ වැඩුණෙ, ඉගෙන ගත්තෙ, ජීවත් උනේ...මේ හැමදෙයක්ම සිද්ධ උනේ සෝල් වල...
මට මතකයි මං පොඩි කාලෙ මගෙ අම්මා මට එයාගෙ පවුලෙ අය ගැන කියනවා...එයා කවදාවත් එයාගෙ පවුල ගැන අහිතක් හිතුවෙ නැහැ...ඒත් මගෙ මාමා අමුතුයි...ගොඩාක්..මට තව මාමා කෙනෙක් හිටියත් ඒ අය ගැන මම වැඩිය දන්නෙ නැහැ...ඒත් මම දන්න මගෙ මාමාට ඕනි උනේ සල්ලි...එයා නැහුනෙ සල්ලි මත්තෙ...එයාට එයාගෙ පවුලෙ අයව පවා හදුනගන්න බැරි තරමටම එයා ලෝභී උණා...මට අද අනාථයෙක් වෙන්න උනෙත් මේ නිසා"

සිසිල් වාතයෙන් පෙනහලු පිරිසිදු කරගත් ශිනිගමී විරාමයක් නොතබාම කතා කරන්නට පටන් ගත්තා....

" මම පොඩිකාලෙ ජීවත් උනේ රාජ කුමාරයෙක් වගේ...ඉර හඳ ඉල්ලුවත් ගෙනත් දෙන්න මගෙ අම්මයි තාත්තයි බලාගෙන හිටියා...ඒත්, මේ හැමදේම වෙනස් වෙන්න ගත්තෙ මට අවුරුදු 7දී...

Mr.jeon දන්නවනෙ දැන් Park Family එක සතු වෙලා තියෙන මගෙ තාත්තාගෙ Company  එක ගැන...ඇත්තටම ඒක අතිශය ලාභ ලබපු ව්‍යාපාරයක් උණා...ඉතින් මගෙ මාමා එයාවත් හවුල් කරගන්න කියලා ඉල්ලද්දි එයාව ව්‍යාපාරයට හවුල් කරගන්න මගෙ අම්මා දෙපාරක් හිතුවෙ නැහැ.... මට තාමත් මතකයි ඒ කාලෙ හැමවෙලේම වගේ මාමා අපෙ ගෙදර ආවා...
ඊට පස්සෙ ටිකෙන් ටික මේ හැමදේම වෙනස් වෙන්න ගත්තා...දවසක් මීටින් එකකට කියලා මාමා අම්මටයි තාත්තටයි දෙන්නටම එන්න කියලා කතා කරලා තිබ්බ නිසා ඒ දෙන්නා මාවත් එක්කගෙනම company  එකට ගියා...ඒක තමයි මම අම්මයි තාත්තයි එක්ක ගිය අවසාන ගමන..."

𝙎𝙃𝙄𝙉𝙄𝙂𝘼𝙈𝙄(死神)ᵛᵏ ✔︎Where stories live. Discover now