6. What's going on?

209 58 11
                                    

"හෙලො ජිමින්...මට උදව්වක් ඕනි"

"නෑනෑ එහෙම එකක් නෙමෙයි හරකො..."

"මේකයි,කෙනෙක් ගැන හොයන්න තියෙනවා...දවස් දෙක තුනකට මෙහෙ වරෙන්කො..."

"හරි හරි බං...යුංගි හියුන්නුත් ඉන්⁣නවනෙ"

"හරි එහෙනම් තියන්නම්..."

"හ්ම් හ්ම් බායි"

පහුවෙනිදා උදේ පාන්දරම ජිමින්ට ⁣call කරපු මම එයාව මෙහාට ගෙන්න ගන්න හිතුවෙ shinigamiගෙ තොරතුරු හොයන්න...
මේ වෙද්දි එයා ගැන පොලිසියත් ඇහැ ගහගෙන ඉන්න බව ආරංචි වෙලා තිබ්බත් shinigamiට නම් ඒක ගානක් නෑ වගේ...

උදේම ලෑස්තිවෙලා සුපුරුදු පරිදි බෝගම්ට call එකක් ගත්ත මම එයාවත් බලලාම Hospital එකට යන්න ලෑස්ති උණා...

"Good morning sir"

උදේ පාන්දරම බොගම්ගෙ ගෙදර ගිය මාව පිලිගත්තෙ ගොඩක් තරුණ වයස අවුරුදු 18-19 කියලා හිතන්න පුලුවන් තරුණියක්...

"Did you know me?"

එයා මට 'sir' කියලා කතා කරපු නිසා මට ඇති වෙච්ච ගැටලුව මම එයාගෙන් ඇහුවෙ තවත් මගෙ මොලේ ඇතුලෙ ප්‍රශ්න ⁣පුරවගන්න බැරි නිසා...

"Yeah...I'm jilan, jilan park
මම බොගම්ගෙ නංගි"

ලැජ්ජාශීලීව පිලිතුරු දුන්න එයා ඉක්මනින් කාමරයක් තුලට දිව ගියෙ වේගයෙන් කාමර දොරත් වහගන්න ගමන්...
විනාඩි කිහිපයකට පස්සෙ ඒ කාමරෙන් බොගම් මතු උ⁣ණා...බැලූ බැල්මටම එයා අවදිවෙලා තියෙන්නෙ දැන් කියන එක ඕනිම කෙනෙක්ට තේරෙනවා..

"ගුඩ් මෝනින් ජන්කුක්!"

"ගුඩ් මෝනින්!"

"අහ්,මම වෙනුවෙන් ඔයා ඔයාගෙ කාලය වෙන් කරන්න එපා ජන්කූක්...මම දැන් හොඳින්"

"අහ්...ඒත් මෙක මගෙ යුතුකමක්නෙ බෝගම්"

"ඒත් ජන්කුක් දැන් බය වෙන්න ඕනි නැහැ...මගෙ නංගි ඇවිත් ඉන්නෙ දැන්...so, ඔයාගෙ වටිනා කාලය තවත් එක රෝගියෙක් වෙනුවෙන් වැය කරන්න"

තවත් විනාඩි කිහිපයක් බෝගම් වෙනුවෙන් වෙන් කරපු මම අවසානයෙ බොගම්ට සමු දීලා හොස්පිට්ල් එකට ආවා...

"Excuse me Dr.jeon...ශිනිගමී ඇවිල්ලා ඉන්නවා!"

"oh...එක්කගෙන එන්න"

𝙎𝙃𝙄𝙉𝙄𝙂𝘼𝙈𝙄(死神)ᵛᵏ ✔︎Where stories live. Discover now