⁣1.First Day

321 71 6
                                    

⁣Jungkook POV

වහිනවා...
ඕක ඉතින් හෙන සාමාන්‍යයි කියලා ඔයාලට හිතෙනවා ඇති නේ...
ඒත් මට වැස්ස පේන්න බෑ...
ඒක හෙන මූසල හැඟීමක් ගේන්නෙ....

මොකද මගේ අප්පා නැති උනේ ගංවතුර නිසා...එදා ඉඳලා වැස්ස කියන්නෙ මගෙ හතුරෙක්...

මම බූසාන්වල ඉඳලා සෝල් වලට මාරු වීමක් අරන් සොල් වලට එද්දි ජිමිනා සොල් වල ඉඳලා බූසාන් වලට යනවා....

මම හෙන කම්මැලිකමෙන් ඩ්‍රයිව් කරගෙන යද්දි මම දැක්කෙ ගොඩක් කට්ටිය එකතු වෙලා හිටපු තැනක්...කාර් එක අයිනකින් නවත්තපු මම ඉක්මනට කාර් එකෙන් බැහැලා එතනට ගියේ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා බලන්න....

"කීයටද මේක උනේ?"

"අද උදේ 7ට විතර මහත්තයෝ..."

පැත්තක පොලිස් ඔෆිසර් කෙනෙක් කාගෙන්ද කට උත්තර ගනිද්දි මම Accident වෙච්ච කාර් එක ළඟට ගිහින් බැලුවෙ මේ මොකද්ද වෙලා තියෙන්නෙ කියලා බලාගන්න...එතන මිනිස්සු පිරිලා...

"අනේ පව් අර දරුවා...ඒ අම්මා කොච්චර පව්ද!"

"කොල්ලො දෙන්නෙකුයි ළමයෙකුයි නේ accident වෙලා තියෙන්නෙ..."

"මම හිතන්නෙ අර කහ කොන්ඩෙ තියෙන කොල්ලාත් මැරිලාද කොහෙද!"

අවටින් ඇහෙන කතා වලට ටික වෙලාවක් සවන් දීගෙන හිටපු මම ආයිත් කාර් එකට නැඟලා මගේ ගමන පටන් ගත්තෙ මට Hospital එකෙන්ම දීලා තිබ්බ නිල නිවාසෙට යන්න...

ඒත් මම එතනින් යන්න කලින් අර Accident වෙච්ච කාර් එක ළඟ චිත්‍ර පොතක් අතේ තියාගෙන හිටපු කෙනා සෙනඟ අතරින් අතුරුදහන් වෙනවා දැක්කා...

සමහර විට එයා අනිත් පැත්තෙ පාරෙන් යන්න ඇති...ඒත් මම දැක්කෙ එයා අතුරුදහන් වෙනවා...

තවත් විනාඩි කිහිපයකට පස්සෙ මට පුලුවන් උනා මගේ ගමනාන්තයට ළඟා වෙන්න...

"හ්ම්ම්...හොඳයි...මන් හිතන්නෙ බූසාන්වල හිටියට වඩා සතුටින් මට මෙහේ ඉන්න පුලුවන් වෙයි"

දිගු හුස්මක් ගත්ත මම ගෙදරට ඇතුල් උනේ ගෙදර පොඩ්ඩක් අස් පස් කරලා දාන්න...

මගේ මුලු හවස් වරුවම වගේ මම ගෙදර අස් කරන්න පාවිච්චි කලේ මගෙ ගෙදර මට ඕනි විදියට හදා ගන්න ඕනි නිසා...

යන්තම් රෑ 7 විතර වෙද්දි ඔක්කොම වැඩ ඉවර කරපු මම තෙහෙට්ටුව පිටින්ම රෑ කෑමත් හදලා wash එකක් දාගන්න Bathroom එකට ගියේ ගේ අස්පස් කරපු නිසා තිබ්බ මහන්සිය පොඩ්ඩක් අඩු කර ගන්න...

ඇදුම් ගලවලා පැත්තකින් තියලා බාත් ටබ් එකට බැහැපු මම ඒකට හාන්සි උනා...ඇත්තටම දැන්නම් හරිම සනීපයක් දැනෙන්නෙ...

ටික වෙලාවක් එහෙම ඉද්දි මට නිකම් මගේ පිටිපස්සෙ කවුරුහරි ඉන්නවා වගේ දැනුනත් මම ගනන් නොගෙන ඇස් දෙකත් පියා ගත්තෙ තනියම ඉන්නකොට ඔහොම දැනෙන එක සාමාන්‍ය දෙයක් නිසා...

ඒත් බෙල්ලට වැදුනු රස්නෙ හුළං පාර නිසා මම ගැස්සිලා පිටිපස්ස බැලුවෙ ඒ කාගෙ හරි හුස්ම පාරක් වගේ දැනුන නිසා...

ඒත් පිටිපස්සෙ කවුරුත් නෑ කියලා දැක්කයින් පස්සෙ මම ඉක්මනට wash එක දාගෙන ඇවිත් කෑම කාලා නිදා ගන්න ගියේ කලින් වෙච්ච සිද්ධිය මගේ මානසික මට්ටම ටිකක් කඩා වැටිලා තිබ්බ නිසා මට දැනිච්ච දෙයක් කියලා අමතක කරලා දාලා...

එලියෙ එක බල්බ් එකක් ඇර හැම බල්බ් එකක්ම නිවලා මම නිදා ගත්තෙ හෙට ඉඳන් වැඩ කරන්න වෙන අලුත් Hospital එක මොන වගේ වෙයිද කියලා හිතනගමන්...






꧁🌸꧂

𝙎𝙃𝙄𝙉𝙄𝙂𝘼𝙈𝙄(死神)ᵛᵏ ✔︎Where stories live. Discover now