11.Change?

186 48 23
                                    

පුලුවන් තරම් ඉක්මනට යුංගිගෙ ගෙදරට ගියපු මම බයික් එක ගේ ඉස්සරහම නවත්තලා ඇතුලට ගියේ එකපාරම මේ වෙච්ච මාරුව මොකද්ද කියලා දැනගන්න...
සාලයට වෙලා කකුල් දෙකත් උඩ තියාගෙන lap එකට එබීගෙන හිටපු ජිමින් මගේ අඩි සද්දය නිසා ඉස්සිලා බැලුවෙ මම ඊළඟට මොකක්ද අහන්න යන්නෙ කියලා කලින්ම දැනගෙන...

"කවුද කියලනම් අහන්න යන්නෙ තාම අපි දන්නෙත් නැහැ...
ඇයි කියලනම් අහන්න යන්නෙ අන්න ඉන්නවා ඔයාගෙ මහලොකු විනයගරුක යුංගි හියුන් අහගනිං මාව කන්න හදන්නෙ නැතුව..."
ඒ වෙලාවෙ මම යුංගි හියුන් පැත්තට ඇහිලා ඇයි අන්න ගියත් TV එක ඉස්සරහා සෝපාවට වෙලා නිදාගෙන හිටපු යුංගි හියුන් ඊට කලින් ඉක්මන් උණා...

"මට බෑ ⁣මගෙ මස්සිනා වගෙ ඉන්න සහෝදරයාව අසරණ කරන්න...ඒ විතරක් නෙමෙයි මෙච්චර දැන දැනත් සාක්ෂි නැති නිසා ශිනිගමීව අල්ලගන්න බෑ කියලා දැනුනම මට මාත් එක්කම කේන්තී...ඒකයි මම ඒක බාර දුන්නෙ..."

"කාටද බාර දීලා තියෙන්නෙ?"

මම අහද්දි යුංගි කලෙ ජිමින් දිහා බලලා අනිත් පැත්ත හැරිලා නිදා ගත්ත එක...
ඇත්තමයි මේ වෙලාවට මට එන කේන්තිය !!!!!

මම ආයෙමත් ජිමින් දිහාවට හැරුනා...

" හෙට උදේට පොලිස් ස්ටේෂන් එකට ගියාම ඔයාට දැනගන්න ලැබෙයි...දැන් නිදා ගන්න ජන්කුක්...අර කාමරය ඔයාට "

ජිමින් ඇඟිල්ලෙන් පෙන්නපු කාමරයට ගියපු මම කිසිම කතාවක් නැතුව වොෂ් එකක් දාගෙන ඇඳට වැටුනා...

ඇත්තටම ඔයා යක්ශයෙක්ද ශිනිගමී?

මගෙ හිත දිව්වෙ එයා මාව බදාාගන ස්තූති කරපු මොහොතට....ඒ වෙලාවෙ එයා කොයි තරන් නම් හුරතල්ද....
එයා ගැන හිත හිත ඉද්දි මට නින්ද ගිහින් තිබ්බෙ මම නිදා ගත්තෙ කොයි වෙලේද කියලවත් නොදැන...

"ඇහැරෙනවා නිදිකුම්බරයෝ!!! ඇවිත් මට උයන්න උදව් කරනවා "
උ⁣දේ පාන්දරම ජිමින්ගෙ කෑ ගැහිල්ලත් එක්ක දවස පටන් ගත්ත මම kitchen එකට ගියෙ ජිමින්ට උදව් කරන්න...

"මොකද මේ කොර ගහන්නෙ?"
උදේම ජිමින් අමාරුවෙන් ඇවිදින දිහා බලාගෙන හිටපු මම එයාගෙන් ඇහුවත් ඊළඟ මොහොතෙ මට ජිමින් කියන්නෙ යුංගිගෙ Husband කියලා මතක් උණා...

𝙎𝙃𝙄𝙉𝙄𝙂𝘼𝙈𝙄(死神)ᵛᵏ ✔︎Where stories live. Discover now