Introduce

628 69 33
                                    

"ශිනිගමී!

ශිනිගමී!!

ශිනිගමී!!!මම මේ කතා කරන්නෙ ඔයාට!!"

phychologist කෙනෙකු වූ Park jimin, තම මේසය ඉදිරිපිට සිතුවම් කරනයෙහි නිරතව සිටි පුද්ගලයා ව ඇමතුවෙ එලෙසිනි...

"කමක් නෑ...මම මේ වදේ විදින්නෙ අද විතරනෙ...කොහොමත් මම තමුසෙ නිසා වෙන පලාතකට ට්‍රාන්සර් එකක් හදා ගත්තා..."

ශිනිගමී නම් පුද්ගලයා නිහඬ බව ඉසිලිය නොහැකි තැන තම කොණ්ඩය පිටුපසට කරමින් ජිමින් පැවසුවේ පෙරදින තමාට ලැබුණු ලිපිය සිහිපත් කරමිනි....

නමුත් තමාට ඇහුම්කන් නොදෙන බව සිතා සිටියද සැබැවින්ම ශිණිගමී ,ජිමින් හට ඇහුම්කන් දී සිටියේ ය...ඒ බව ශිනිගමී කට කොනට නැඟි සිනහවෙන් ප්‍රත්‍යක්ෂ විය...

"තමුන්ගෙ මේ ඔල්මාද චිත්‍ර කෑලි දිහා බලාගෙන ඉඳලා මාත් පිස්සෙක් වෙන්න කලින් මෙහෙන් යන එකමයි හොඳ...ගිය පාර කෙනත් දැන් ඉ⁣න්නෙ මෙන්ටල් හොස්පිට්ල් එකේලුනේ..."

ජිමින් තමා සමඟම කතා කරන්නට විය...කාලය කෙමෙන් කෙමෙන් ගතව පැය භාගයකටත් අධික කාලයක් නික්මිණි...නමුත් මේ කාලය පුරාවට ශිනිගමී කිසිදු වදනක් මුවින් පිට නොකළේ ය...අවසානයෙ ඔහු තම සිතුවම නිම කර එය ජිමින්ගේ මේසය මත තබා නික්මිණි...

අවසානයෙ ඔහු තම සිතුවම නිම කර එය ජිමින්ගේ මේසය මත තබා නික්මිණි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආාාාහ්...අද තවත් එකක්...හෙටම මෙහෙන් යන්න ඕනී...මේ මනුස්සයාටනම් හොඳටම පිස්සු...මේකගෙ නමත් කෙල්ලෙක්ගෙ වගේ... චිත්‍ර ඇඳලා මට දාලා යන්නෙ නැතුව අරන් ගියානම් මේ කරදර නෑනේ..."

තමාටම මුමුණා ගනිමින් ඔහුගෙ සිතුවම අතට ගත් ජිමින් , එය සුපුරුදු ලෙස ශිනිගමී යැයි සඳහන් කර තිබූ ගොනුවට ඇතුලත් කළේ ය...

𝙎𝙃𝙄𝙉𝙄𝙂𝘼𝙈𝙄(死神)ᵛᵏ ✔︎Where stories live. Discover now