16.Finally ,We are totally fine

166 41 16
                                    


වික්ටන්ව එතැනින් අරන් යනකම්වත් නොහිටපු මම ඉක්මනින්ම ශිනිගමීව නවත්තපු හොස්පිට්ල් එකට ආවේ හදවත වෙනදා වගේ සිය ගුණයක් වේගයෙන් ගැහෙද්දි...
යුංගි හියුන්ගෙන් අහගෙන ඉක්මනින්ම ශිනිගමී හිටපු රෝහල් කාමර හොයාගත්ත මම එකපාරම කාමරයේ දොර ඇරගෙන ඇතුලට ගියා...

"තොට පිස්සුද යකෝ ඔහොම දොරවල් කඩාගෙන බිඳගෙන එන්න...!!
තෝ හිතන් ඉන්නෙ මේගෙ තොගෙ අප්පගෙ බූදලේ කියලද?"

මගෙ පිටිපස්සෙන්ම දුවගෙන ආපු ජිමින් කාමරය කෙලවරෙ මේසයක් උඩ තියලා තිබ්බ වතුර බෝතලයක් අරගෙන බීගෙන බීගෙන ගියෙ දුවගෙන ආපු මහන්සියට...

ඒ අතරෙ මම බලාගෙන හිටියෙ හොස්පිට්ල් ඇඳක් උඩ හරිම අහිංසක විදිහට නිදාගෙන හිටපු ⁣ශිනිගමී දිහා...
අහිංසක විදිහට ඇස් පියාගෙන හිටපු එයාගෙ මුහුණෙන් වේදනාවක් නොපෙනුනත් ඒයාට ලොකු වේදනාවක් දැනෙන්න ඇති කියලා මම විශ්වාස කලා...හිමින් ශිනිගමීගෙ හිසේ සිට දෙපතුල දක්වාම පරීක්ෂාකාරීව බලපු මගෙ ඇස් දෙක නැවතුනෙ ශිනිගමීගෙ බැන්ඩේජ් කරලා තිබ්බ වම් අත ළඟ...
සුදුපාට බැන්ඩේජ් කරලා තිබ්බ අතේ කටුවක් ගහලා ලේ දෙන්න පටන් අරගෙන තිබුණා..

" ලේ ගොඩක් ගිහින් තිබ්බ නිසා ඩොක්ටර්ලා එයාට ගැලපෙන ලේ වර්ගයක් හොයන්න බොහොම මහන්සි උණා...ඒ අතරෙ ආපූ නර්ස් කෙනෙක් එයාගෙ ලේ ශිනිගමීට දෙන්න ඉදිරිපත් උණා...ලේ ගැලපුන නිසා ලේ පයින්ට් එකක් විතර ඒ නර්ස්ගෙන් අරගෙන දැන් මේ ශිනිගමීට දෙන්නෙ..."

මම එන්න කලින් වෙච්ච හැමදෙයක්ම යුංගි හියුන් මට කියද්දි මම හිමින් හිමින් ශිනිගමීගෙ ඇඳ ළඟට ළං උණා...

'ඔයාට මගෙ මනස කියවන්න පුලුවන්නම් ⁣ශිනිගමී...පුලුවන්නම් මට සමාවෙන්න මේ වෙච්ච දේවල් වලට,මට ඔයාව පරිස්සම් කරන්න බැරි උණාට...'

සිතිවිලි අතර කිමිදෙන ගමන් මම ශිනිගමී ළඟින් වාඩි වෙලා එයා දිහා බලාගෙන හිටියා...පරිස්සමින් එයාගෙ දකුණු අත අල්ලගත්ත මම ඒ අත හිමීට පිරිමදින්න ගත්තෙ මගෙ මනස මේ වෙද්දි මාව වැරදි කාරයෙක් විදිහට නම් කරලා තියෙද්දි....

'මට සමා වෙන්න...'
හෙමින් ශිනිගමීගෙ අත සිපගත්ත මම එයාගෙ අත නලලින් තියාගත්තා...
ජීවිතෙ පලවෙනි වතාවට අයිතිවාසිකමක් නැති කෙනෙක් වෙනුවෙන් උණු කදුලැලි මතු වෙලා ගලාගෙන ගියෙ හික්මීමක් නැති විදිහට...

𝙎𝙃𝙄𝙉𝙄𝙂𝘼𝙈𝙄(死神)ᵛᵏ ✔︎Kde žijí příběhy. Začni objevovat