12.Find Tae's house

185 45 19
                                    

ගෙදර ආපු වෙලාවෙ ඉඳලා මං කල්පනා කලේ ටේ කියපු දේවල් ගැන.....ඒක ඇත්තක් වෙන්න පුලුවන්ද?
ඒ කියන්නෙ එයා මිනීමරුවෙක්.....

මම හිත හිතා ඉද්දි මට call එකක් ආවේ ජිමින්ගෙන්....

Call📱

"Hello kook !!"

"Hello jiminah, කොහෙද ඔයා ඉන්නෙ?"

"Sorry junkookaa, මට ආයෙ බූසාන් යන්න උණා....මගෙ නිවාඩු කැන්සල් වෙලා....I'm really really sorry...."

මට කිසිදෙයක් හිතාගන්න බැරි උණා....එතකොට මට මේක තනියමද කරන්න වෙන්නෙ? කිසිදෙයක් හිතාගන්න බැරුව මම ඔහේ phone එක කනේ ගහගෙන කල්පනා කලේ ඉස්සරහට තව මොනා මොනා වෙයිද දන්නෑ කියලා...

"හරි කමක් නෑ ජිමින්...හොඳට වැඩ කරගෙන යන්න "

"It's ok bn.. මෙහෙ නෑ ඔය ශිනිගමී වගේ උන්...ඔයා වැඩිය ඔ⁣ය කේ් එකටම බර දෙන්න යන්නෙපා මොකද ඒක නෙමෙයි ඔයාගෙ ජොබ් එක....ඒතක් මතක තියාගන්න ⁣මොකද උබට පඩි දෙන්නෙ පොලි⁣සියෙක් නෙමෙයි හොස්පිට්ල් එකෙන්නෙ...එහෙනම් තියනවා Bye!!"

"Ok bye !!"

Phone එක කට් කරපු මම මේ ඔක්කොම ටිකකට අමතක කරන්න කියලා හිතාගෙන වොෂ් එකක් දාගන්න යන්න හැදුවත් ,ආයෙමත් මගෙ phone එක කෑගහන්න ගත්තෙ අදුරන්නැති number එකකුත් screen එකේ දර්ශනය කරන ගමන්...
Number එකනම් නොදන්නවා උනත් ඒ කටහඬනම් කවදාවත් අමතක කරන්න බැහැ...

"Hello පුතා, ඔයාගෙ යාලුවගෙ නිවාඩු කැන්සල් වෙලාලු නේද?"

සමච්චල් සහගත හඬකින් ප්‍රකාශ කරපු victon නිසා මගෙ හිාත තිබ්බ කාලකන්නි හැඟීම තරහකට පෙරලෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ...

"මම තමුසෙගෙ ලමයෙක් නෙමෙයි....අනික තමුසෙද ජිමින්ව ආයෙමත් යැව්වෙ!! තමුසෙ මෙහෙම කරලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ? ⁣තමුසෙනම් මහ-"

Call එක කට් වෙලා යනවා ඇහෙනවත් එක්කම අතෙ තිබ්බ phone එක තරහින් මේසය උඩට විසික් කරපු මම ඇඳ උඩින් වාඩි වෙලා මේ දේවල් කල්පනා කරන්න ගත්තෙ දෑතින්ම මගේ කොන්ඩය අවුල් කරගන්න ගමන්....

මම මේවා පොලිසියට කියන්න ඕනිද? කියුවත් එයාලා මාව විශ්වාස කරයිද? එතකොට ශිනිගමීට මොනවා වෙයිද?

𝙎𝙃𝙄𝙉𝙄𝙂𝘼𝙈𝙄(死神)ᵛᵏ ✔︎Where stories live. Discover now