9.Revenge ?

238 58 14
                                    

බෝගම්ගෙ මරණින් පස්සෙ මම හිටියෙ ඇවිදින මලකඳක් වගේ..
මට මහන්සියි- හොඳටම....
ඇත්ත පස්සෙන් පන්නලම මට දැන් හති වැටිලා ඉන්නෙ...

මරණ වාර්තාවෙ හැටියට අධික බීමතයි,කාරෙ එකෙ ටයර් එකක හුළං අඩු වීමයි නිසා කාර් එක පාලනයෙන් තොර ව ගිහින් හං ගඟට වැටිලා තියෙන්නෙ....

මගෙ මොලය මේකට ශිනිගමී සම්බන්ධයි කියලා කෑ ගහද්දි හදවතනම් කියුවෙ මේක මගෙ වැරැද්දක් කියලා...
ඇත්තම වැරැද්ද මගෙවෙන්න ඕන මොකද මම යි කාර් එකෙ හුළං ඇරියෙ....
එයාව බේරගන්න හිතලා ඒ දේ කලා උනත් උනේ ඒකෙ අනික් පැත්ත...
දරාගන්න බැරි තරම් අධික බරක් මගෙ ඔලුව උඩින් තියලා වගෙයි මට දැනෙන්නෙ...
හිස දෙදරුම් කෑවත් බෝගම්ගෙ මරණය සම්බන්ධයෙන් මගෙ හිතට දැනෙන්නෙ ලොකු හිස් බවක්....හරිම අද්භූතයි....

බෝගම්ගෙ නැති වීම ගැන හිතා මතාම නොහිතා ඉන්න මම උත්සහ කලේ මේ වගෙ වෙලාවක මම ඒක ගැන හිතන්න ගිහින් මගෙ ආතතිය තව තවත් වැඩි කරගත්තම මටත් තවත් මෙන්ටල් ඩොක්ට කෙනෙක්ව හම්බවෙන්න වෙන්නෙ කියලා හොඳ හැටි දන්න නිසා...
ඒත් කියන තරම් ඒක ලේසි නොවුන නිසා මම තීරණය කලේ ශිනිගමී ගැන හොයාගෙන යන අපෙ ගවේෂණයට වැඩි අවධානයක් දෙන්න...
ඒ නිසාමද මන්දා මම ආයෙමත් මුල ඉඳලම ශිනිගමීගෙ තොරතුරු එකතු කරන්න ගත්තා...ලැබෙන පොඩි තොරතුර උනත් සටහන් කරගන්න මානසිකත්වයකයි මම හිටියෙ...

බෝගම්ගෙ මරණයෙන් සතියකට පස්සෙ හැමදෙයක්ම වගේ කෘතීමව සාමාන්‍යකරණය වෙලා තිබුණෙ වර්තමාන නවීන ලෝකයට ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙලා තිබ්බ නිසා...
පවුලෙ කවුරුහරි මළත් සතියකට වැඩිය නිවාඩුවක් ඔවුන් භාවිතා කරන්න යන්නෙ නැහැ...මොකද, වර්තමාන ලෝ⁣කයෙ වෙසෙන උසස් මානවයාට තමන්ගෙ රක්ෂාව කියන්නෙ තමන්ගෙ පවුල නෑදෑයන්ට වැඩිය ගොඩක් වටින දෙයක්...
'නෑයො හිටියට රස්සාව නැත්තම් උන් කන්න දෙන්නෑනේ' කියන මතය බොහෝ දෙනාගෙ යටි හිත්වල තදින් කාවැදිලා තියෙනවා බව ඔවුන්ගෙ හෘද සාක්ෂියම හොඳින් දන්නවා...නමුත් බෝගම් කියන්නෙ මට මෙහෙදි හම්බවුණ හොඳම මිත්‍රයෙක්...මට මගෙ කියලා කියන්න පුලුවන් ලෙයින් නොබැදුන නෑයෙක්...ඒක නිසාම මට මේ දේ එච්චර සාමාන්‍ය දෙයක් උනෙ නැහැ...
හැමවෙලේම මට එයා ගැන දැනුනෙ එයා කාගෙ හරි ⁣පවක පව් ගෙවනවා කියලමයි....

𝙎𝙃𝙄𝙉𝙄𝙂𝘼𝙈𝙄(死神)ᵛᵏ ✔︎Where stories live. Discover now