10.Lovely Kim Taehyung

212 45 22
                                    

"මම හිතන්නෙ මම දන්නවා ශිනිගමීගෙ ඊළඟ ගොදුර කවුද කියලා..."

"මොකක්!"
ජිමින් එයාගෙ ඇස් ජිල් බොල වගෙ ලොකු කරගෙන මගෙ දිහා බැලුවෙ මාව ගිලලා දාන්න වගේ..

"බෝගම් මට දවසක් එයාගෙ නංගි කියලා කෙනෙක්ව පෙන්නුවා...එයාලගෙ ගෙදර ගියාම"

"අහ්?! ජන්කුක් ඔයා දන්නවද ඇයි ඒ ⁣කෙල්ලව වැඩිය හෙව්වෙ නැත්තෙ කියලා...මොකද ඒකිට බෝගම්ගෙන් ළමයෙක් ලැබෙන්න ඉඳලා තිබ්බා...තමන්ගෙ අයියවම රවට්ටපු එකෙක් ⁣ඒකිගෙ අයියාගෙම ගෙදර!! ආාාශ්...ශිට් මම මේ මොනවද හිතන්නෙ..."
ජිමින් තමන්ගෙ වම් අතින් එයාගෙ කොන්ඩෙ ඇද ගන්න ගමන් ළඟම තිබ්බ පුටුවක වාඩි වෙලා මුලු මූනම අත් දෙකෙන් පිසදාගත්තා...

"අහ්ම්...මෙහෙමයි මට ඒකනම් වැඩක් නැ...ඒත් ශිනිගමීගෙ ඊළඟ ගොදුර එයා වෙන්න පුලුවන්..."

"ඔයාට නිකමටවත් හිතෙන්නැත්ද ශිනිගමීට මාත් එක්කත් ඇරියස් එකක් තියෙනවා කියලා...සමහර විට ඒ මම වෙන්නත් පුලුවන්..."

"මොකද්ද?මට තේරුනෙ නැහැ.."

"මම කියුවෙ එයාගෙ ඊළඟ ගොදුර ගැන..."

"අහ්,ඔව් වෙන්නත් පුලුවන්...ඒත් මම හිතපු විදියට බෝගම්ගෙ පවුලෙ අය තමා මේ විනාශ කරගෙන යන්නෙ...ඒත් මට තේරෙන්නැත්තෙ ඇයි එයා එහෙම කරන්නෙ කියලා..."

"අහ්,මට අදහසක් ආවා..."
ජිමින් වාඩි වෙච්ච තැනිනුත් නැඟිටලා එහා පැත්තෙ තිබ්බ මේසයට එක අතක් බර කරන ගමන් කියුවෙ බොහොම බැරැරුම් විදියට...

"මොකද්ද?"

"Date එකක්..."

"මොකා!? කවුද කාත් එක්කද?"
එකපාර උඩින් වැටුනා වගෙ ජිමින් කියපු දේ ගැස්සිලා ගියපු මම එයා දිහා බැලුවෙ මේකගෙ ඔලුවත් චෙක් කරන්න ඕනි කියලා යටි හිතෙ සටහන් කරගන්න ගමන්...

"නෑ බං මම කියන්නෙ උබ ශිනිගමී එක්ක date එකකට පලයන්....ඊට පස්සෙ ඕකට බොන්න දීලා අපි ඇත්ත අහගමු...කොහොම මගෙ මොලේ..😌"

𝙎𝙃𝙄𝙉𝙄𝙂𝘼𝙈𝙄(死神)ᵛᵏ ✔︎Where stories live. Discover now