8.who!?

196 57 2
                                    

"හදිස්සියෙවත් ඒ එයානම්...?"

මගෙ මොලය වේගයෙන් වැඩ කරන්න ගත්තෙ ඒ කෙනා ගැන හිතලා...

'බෝගම්'

ගෙවෙන හැම තත්පරයකම මගෙ හදවත වේගෙන් ගැහෙන්න ගත්තෙ ඉදිරියට වෙන්න පුලුවන් දේවල් ගැන මගෙ හිට ආපු නරකම අදහස් කිහිපය නිසා...මගෙ කලබලකාරි මනස නිසාම hospital එකෙන් එලියට බැස්ස මම පුලුවන් තරම් වේගයෙන් බෝගම්ගෙ ගෙදරට යන්න කාරයට නඟින ගමන් බෝගම්ගෙ phone එකට call එකක් ගත්තෙ එයා දැන් කොහෙද ඉන්නෙ කියලා දැන ගන්න උනත් බෝගම්ගෙ phone එක ක්‍රියාවිරහිත කරලා කියලා කියවෙද්දි මගෙ බය ටිකක් වැඩි උනෙ මොකක් නමුත් නරක දෙයක් නොවෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන තැනටම මාව පත් කරලා...

විනාඩි 10කින් විතර බෝගම්ගෙ ගෙදර ළඟට ආපු මම කාරෙකෙන් බැස්සෙ කාර්එකෙ යතුරවත් ගන්නෙ නැතුව...ඉක්මනට බොගම්ගෙ ගෙදර දොර ලඟට ගිය මම හයියෙන් දොරට තට්ටු කලා...ඇතුලින් කිසිම හැල හොල්මනක් නැහැ වගෙ පෙනුන නිසාම වට පිට පොඩ්ඩක් පරීක්ෂා කරන්න හිතපු මම අනිත් පැත්තට හැරෙද්දිම වගෙ දොරෙ යතුර කැරකෙන හඬ ඇහුනෙ හිතෙ තිබ්බ බය ටිකක් පහ වෙලා යද්දි....

"Dr.jeon! මේ වෙලාවෙ මොකද මෙහෙ?"

බාගෙට ඇරපු දොරින් එලියට මූණ දාපු බෝගම් ඇහුවෙ දහඩිය බිදුවලින් නැහැවිලා තිබ්බ කොන්ඩයෙන් බිදුවක් බෝගම්ගෙ කම්මුල හරහා ඇඳී යද්දි...

"අහ්- නැ මම මේ....අම්...මම ඔයාට call එකක් ගත්තා ඒක වැඩ කලෙ නැති නිසයි බැලුවෙ..."

"Hi daddy....කොහෙද ඔයා..."
එකපාරටම වගෙ ගේ ඇතුලින් අමුතු සරාගී කටහඬක් ඇහුනෙ මට මෙතන වෙන දේ ගැන පොඩි ඉඟියක් ලබා දීලා...අනුන්ගෙ පෞද්ගලිකත්වයෙන් මට වැඩක් නැති නිසා ඉක්මනින්ම බෝගම්ට සමුදුන්න මම නැවත මගෙ කාර් එක ළඟට එන අතරෙ බෝගම්ගෙ වත්ත දිහා බැලුවෙ ගරාජ් එකෙන් එලියට අරගෙන තිබුණ කාර් එක මට හොඳට දැකලා පුරුදු නිසා...ඉක්මනින් මගෙ phone එක සාක්කුවෙන් එලියට ගත්ත මම ශිනිගමීගේ චිත්‍රයත්,ඒ කාරයත් දෙක දිහා වරින් වර බැලුවෙ මේ දෙකේම ලොකු සමානකමක් පෙන්නුම් කරපු නිසා...

අවුරුදු 60ක් විතර වෙන මනුස්සයෙක් බොහොම අමාරුවෙන් පිරිසිදු කරමින් හිටපු ඒ පරණතාලයෙ වාහනය ළඟට මම ළං උනේ කිසිම පෙර සැලසුමකින් තොරව උනත් හදිසියෙම මට ආපු අදහසක් නිසා...පරණ රෙදි කඩක් මඩ පැහැ වෙච්ච වතුර  පිරුනු බාල්දියකට දාගත්ත අර වයසක මනුස්සයා අහිංසක හිනාවකින් මට සංග්‍රහ කරලා යන්න ගියෙ බාල්දියත් බොහොම අමාරුවෙන් උස්සගෙන...
ඒ අතරෙ ක්ෂණික ක්‍රියාත්මක වෙච්ච මම අතට අහුඋණ පොඩි ඇණයක ආධාරයෙන් ටයරයට හානියක් නොවෙන විධියට එක ටයරයක හුළං ඇරියෙ එතකොට බෝගම්ට මේකෙන් ගමනක් බිමනක් යන්න බැරි වෙන බව දන්න නිසා...

𝙎𝙃𝙄𝙉𝙄𝙂𝘼𝙈𝙄(死神)ᵛᵏ ✔︎Where stories live. Discover now