15: Elian (part 1)

165 35 17
                                    

past

"ආදරය..ආදරය කියන්නේ හරි අමුතුම විදිහේ හැගීමක්

ඒ හැගීමට පුලුවන් කෙනෙක්ව සනසන්න වගෙම වේදනාවට පත් කරන්න.

ආදරය ගැන විවිද විද්වතුන් විවිද මත ඉදිරිපත් කරලා තීනවා.

ඒ වගෙම ඒ ගැන මිනිස්සු ලගත් විවිද විදිහේ ආකල්පයන් තීනවා.

කෙනෙක්ට ආදරය කියන්නේ සුන්දර අත්දැකීමක් වෙනකොට තව කෙනෙක්ට ආදරේ කියන්නේ අසුන්දර වේදනාකාරි දෙයක් වෙන්න පුලුවන්.

ආදරයේ සුන්දර අසුන්දර බව තීරනය වෙන්නේ ඒ ඒ කෙනා ලබන අත්දැකීම අනුවයි.

ඒ ඒ කෙනාගේ සිතිවිල්ල අනුව ආදරේ කියන දේ වෙනස්ම විදිහේ හැගීමක් වෙනවා

මේ ලෝකේ ඉන්න මිනිස්සු ආදරේ දිහා එක එක කෝන වලින් බලන්න පුරුදු වෙලා තීනවා.

උදාහරනයක් විදිහට කෙනෙක් හිතන්න පුලුවන් ආදරේ කියන්නේ විවාහ වෙලා එතනින් ඉස්සරහට ගෙනියන ජීවිතේ කියලා.

තවත් කෙනෙක් හිතන්න පුලුවන් ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කියලා.

තවත් කෙනෙක්ට ආදරේ කියන්නේ හිමිවීම විතරක් වෙන්න පුලුවන්..

මේ හැමකෙනාම අතරින් ආදරේ කියන්නේ ජීවිතේ කියන චාරිකාවේ එක සුන්දර නවාතැන් පලක් කියලා හිතන අයත් ඉන්නවා.

ගොඩක් දුරට ඒ සිතිවිල්ල හරියන්න පුලුවන්.කොහොම උනත් ආදරේ කියන එක එකිනෙකාට සාපේක්ෂයි.

ඉතින් මේ ආදරේ කියන්නේ ඇත්තටම මොකක්ද ? ඒක තමයි ඔයාලගේ මේ අවුරුද්දෙ අන්තිම පැවරුම.

ඔයාලට පුලුවන්,කැමති විදිහකට මේකට තොරතුරු ලබාගන්න.හැබැයි එක වගේ වාර්තා තියෙන්න බෑ.

ඒ වගේම ඒකේ විද්වතුන්ගේ මතයන් විතරක් තිබිලා හරියන්නෙත් නෑ.

මේ පැවරුමට ඔයාලගේ අත්දැකීම්,අදහස් වගෙම වෙනත් වයස් කාන්ඩවල මිනිස්සුන් ගේ අත්දැකීම් වගෙම අදහස් එකතුවෙන්න ඕනි.

තමන්ගෙ, අනුන්ගේ, විද්වතුන්ගේ අදහස්වල පුන්චි සාරාංශයක් විදිහට ආදරේ කියන්නේ මොකක්ද කියලා පැවරුමේ අගට විස්තර වෙලා තීයෙන්න ඕනී..

Vmin one shot collectionWhere stories live. Discover now