"ඒ බයයි අෆ්ෆා...අපිව අහුවේවිද..."
"නෑ එහෙම වෙන එකක් නෑ...සද්ද නොකර එන්න..."
"අහුවුනොත් මොකද කරන්නේ..."
"පන කඩන් දුවමු...වෙන මොනවා කරන්නද..."
"හ්ම්...මාවත් ඇදන් දුවන්න..."
"හරි හරි..දැන් යමු.."
ජිමිනුයි ටේයි හිටියේ ලොකු මිශන් එක්ක.
ටේයි ජිමිනුයි කියන්නේ යුනිවසිටි ස්ටුඩෙන්ට්ලා දෙන්නෙක්.
එයාලා දෙන්නම එකම ඩිග්‍රි එක වෙනුවෙන් යුනිවසිටි ඇවිත් එකට යුනිවර්සිටි එකේදි මුන ගැහුන දෙන්නෙක්
අදහස් වලින් දෙන්නම එකම විදිහ නිසා වැඩිකාලයක් නොයාම ඒදෙන්නා හොද යාලුවෝ උනා..
එයාලට ගෙවල් වල ඉදන් යුනිවසිටි එකට ගොඩක් දුර නිසා එයාලා බෝඩින් හවුස් එක්ක රූම් එකක් ගත්තා..
එයාලා දෙන්නාට ලෙක්චර්ස් තිබුනේ උදේ ඉදන් 12.00 වෙනකලුයි 3.00 ඉදන් 6.00 වෙනකලුයි..
ඉතින් යුනිවසිටි ඇරුන ගමන් බෝඩිමට එන මේ දෙන්න කාලා බීලා ඉවර වෙලා ඊලග ලෙක් එක වෙනක් නිදාගන්නවා..
ඒත් මේ ලගකදි ඉදලා එයාලට අල්ලපු රූම් එකේ ඒ කිව්වේ කෙලවරේම රූම් එකෙන් එයාලට අමුතු අමුතු විදිහේ සද්ද ඇහෙන්න ගත්තා..
ඒවායෙන් ගොඩක් වෙලාවට ඇහුනේ කෑගැහීම්..
මේ දෙන්නට ඒ කැගැහීම් වලට ඇගේ මයිල් කෙලින්වෙලා නින්ද කියන දේ ඇහැ ලගටවත් ආවේ නෑ..
යුනිවර්සිටි එකේ ලෙක් එකක් ගානේ දෙන ඇසිග්මන්ට් මහ රෑ ඇහැරන් කරලා දවල්ට පොඩ්ඩක් නිදාගන්න මේ දෙන්නට මේක ලොකුම ලොකු කරදරයක් උනා..
කරදරයක් විතරක් නෙමේ ඒ සද්ද මෙයාලට ලොකු කුතුහලේකුත් ගෙනාවා..
ඉතින් මේ ගැන හොයන්න එයාලා තීරනේ කලා..
එහා රූම් එක ගැන එයාලා අවදානයෙන් ඉන්නකොට එයාලා දැක්කා එයාලා ලෙක් ඉවරවෙන ටයිම් එකට කෙලවරේම රූම් එක ,
ඒ කිව්වේ ජන්කුක් කියන කෙනාගේ රූම් එකට කලු පාට ඇදුම්,මාස්ක්,කැප් දාගත්තු මනුස්සයෙක් එනවා..