10: Never mind (part 2)

213 46 25
                                    

"ඔයා කවු.."

කියලා අහන්න ගියපු ජිමින් ඒක අහන එක නැවැත්තුවේ ඩෝර් එක ඉස්සරහා හිටිය ලස්සන ගෑනු කෙනා ඇස් දෙක පොල්ගෙඩි සයිස් කරගත්තු නිසයි.

ජිමින් ඒකට හේතුව හොයන්න හැදුවත් ඊට කලින් අර ගෑනු කෙනාට පිටිපස්සෙන් හිටිය ටේගේ මූන එයා දැක්කා..

"ඔයා මොකද මෙහෙ..."

"අහම් සර්..."

උගුර පාදපු ටේටේ ඇස්වලින් ජිමින්ගේ ඇදුම පෙන්නුවාම ඩෝර් එකත් ඇරලා එයාලට ඇතුල්ට එන්න කියපු ජිමින් සුටුස් ගාලා එතනින් මාරු උනා..

ඉක්මනින් තමන්ගේ රූම් එකට දුවලා ගියපු ජිමින් ඇදන් හිටිය කොටම කොට ශෝටට උඩින් දිග කලිසමක් දාන් එලියට ආවා..

"මොකද ටේහියුන් මෙහෙ"

"මගෙ ඔම්මට සර් එක්ක කතාකරන්න ඕනි කිව්වා.."

"ඔහ්.."

"ගුඩ් මෝනින් සර් මන් ටේහියුන්ගේ ඔම්මා..මන් ආවේ සර්ගෙන් ලොකු උදව්වක් ඉල්ලන්න."

"අහ්..කියන්නකො බලන්න මට පුලුවන්නම් මන් උදව් කරන්නනම්.."

"මේකයි සර්,මේ ලමයා ඉගෙන ගන්න ආසා නෑ සර්..මෙයා එයාගේ අප්පගේ වදේටයි ස්කූල් යන්නේ..ඒ ගිහිල්ලත් මෙයා ඉගෙන ගන්නේ නෑ කියලා ස්කූල් එකෙන් කම්ප්ලේන් එනවා..එහෙම තියෙද්දි මෙයා මේ ලගකදි ඉදන් එක විෂයක් ගැන උනන්දුවෙන් වැඩකරනවා කියලා මන් දැක්කා..මන් හොයලා බලද්දියි දැනගත්තේ අලුතෙන් ආපු පාර්ක් ජිමින් කියන සර්ගේ විෂය ගැනයි මෙයා උනන්දු කියලා..ඉතින් සර් මන් ආවේ මෙයාව කොහොම හරි අනිත් විෂයන් වලටත් උනන්දු කරවලා එක්සෑම් එක පාස් කරවලා දෙන්න කියන්න..මෙයා එක්සෑම් එක ෆේල් උනොත් මෙයාගේ අප්පා මෙයාව රට යවනවා කිව්වා..මගේ පොඩි එකාව කාත් කවුරුත් නැති රටක මන් කොහොමද සර් තනිකරන්නේ..ප්ලීස් මට උදව් කරන්නකෝ සර්..."

"හරි මිසිස් කිම්...මට තීන්නේ මෙයාට අනිත් විෂන් දෙකත් උගන්වන්නනේ.. මන් හිතන්නේ මට ඒක කරන්න පුලුවන් වේවි. ඔයාලට ඒක කොහොමද වෙන්න ඕනි කියලා කියන්නකෝ.."

මිසිස් කිම් අඩන්න වගේ කතාකරද්දි හදවත උනු උන ජිමින් කිව්වා..

Vmin one shot collectionWo Geschichten leben. Entdecke jetzt