9: Flirt(part2)

249 47 25
                                    

"ආ මැනික වොෂ් රූම් ඇවිත් වගේ.."

ටේටේ වොෂ් රූම් එකෙන් එලියට ඇවිත් ටේහිව හොයද්දි ජිමින්ගේ කටහඩ ඇහුනා..

එයා ඔලුව හරවලා බලද්දි දැක්කා ජිමින් අත් දෙකත් බැදන් බිත්තියට හේත්තුවෙලා ඉන්නවා..

"මොකද බබා දැක්කේ නෑ වගේ යන්නේ.."

ජිමින්ව නොදැක්කා වගේ ටේටේ යන්න හදද්දි ජිමින්ගේ කටහඩ කන ලගින්ම ඇහුනම ටේටේ ගැස්සුනා..

"ඔයා ඔයාගේ එක්ස්ව ගනම් ගන්නෑ නේද.."

ටේගේ උරහිස් උඩින් අත් දෙක තිබ්බ ජිමින් ටේගේ බෙල්ල කිස් කරන ගමන් ඇහුවා..

"අහ්..ජිමිනී...එහාට වෙන්න..."

ටේගේ උරහිසේ තිබුන ජිමින්ගේ අත් ටේගේ ඇගදිගේ පහලට එද්දි ටේටේ ජිමින්ව එහාට කරන්න දැගලුවා..

"බැහ් ඔයා මාව දවස් හතරක්ම මගෑරියානේ..දැන් ඔහොම ඉන්න..."

ජිමින් ටේගේ ඉනවටේ අත් දාලා ටේව හග් කරනගමන් කිව්වා.

"අහ්...ජිමින්..මාව අතාරින්න.."

ටේගේ ඉනවටේ යවපු අත්දෙක ජිමින් පාඩුවේ තියාගත්තු නැති නිසා කෙදිරිල්ලක් පිටකරපු ටේටේ කිව්වා..

"දගලන්නැතුව ඔහොම ඉන්න බබා.."

ටේගේ අත් හිරවෙන විදිහට එයාව අල්ලගත්තු ජිමින් ටේගේ බෙල්ල දිගේ නහය අග අතුල්ලන්න ගත්තා..

"ම්ම්...ජිමිනි කවුරුහරි ඒවී...මාව අතාරින්න"

ජිමින් ටේගේ බෙල්ලේ තෙත හාදු තියද්දි ටේටේ අපහසුවෙන් කිව්වා..

"ඉතින් මොකද...ඔයා මගේ මේට්නේ.."

"කවුද එහෙම කියන්නේ..ඔයා මගේ එක්ස් විතරයි.."

අර කෙල්ලව මතක් උන ටේටේ මූනත් පුම්බන් කේන්තියෙන් කිව්වා..

"ඇත්තට..ඔයා මගේ මේට් කියලා මන් ඔප්පු කරන්නද..."

"නෑ ඕනිනෑ.."

ජිමින් කනට මුමුනලා අහද්දි බයවුන ටේටේ ඉක්මනින් කිව්වා..

"එහෙම බෑනේ බබා...සැකයක් තීනවනම් අපි ඒ සැකේ නැති කරන් ඉමු...."

එහෙම කියපු ජිමින් ටේටේ හිතන්නත් කලින් එතනින් අතුරුදහන් වෙලා එයාගේ රූම් එකෙන් මතු උනා..

Vmin one shot collectionWhere stories live. Discover now