11: Lazy day (part 1)

168 42 30
                                    

කම්මැලීයි කම්මැලියි කම්මැලීඊඊඊඊඊඊඊ. දෙවියනේ...මට ගොඩක් කම්මැලියි... 😩

කන්ටෑක් 172 යි ස්ටේටස් වීව්ස් 32 යි.ගෲප් 6 යි...

ඇයි මේ කවුරුත් මොනම හේතුවකටවත් මැසේජ් එකක්වත් දාන්නැත්තේ.....😖

මට ගොඩක් කම්මැලියි දෙවියනේ....

අද වගේ දවසක සිම් එකෙන්වත් කෝල් එකක් ආවනම්....

අනේ මට මේක කරන්න බෑ අයියෝ.

මෙහෙම කම්මැලිකමේ ඉදලා මට පිස්සු හැදේවී......

මොනා හරි කියව කියව ඉන්න කවුරු හරි හිටියනම්..😭

"හලේ ඔම්මා....😩"

"මොකද ලමයෝ මේ බෙරිහන් දෙන්නේ.."

"මට ගොඩක් කම්මැලියි ඔම්මා.මට කතාකරන්න කවුරුත් නෑ ඔයාවත් කෝල් එකක් ගන්නකූ..."

"විකාර කරන්නෙපා ලමයෝ.මන් දැන් ඔෆිස් යනවා..පරිස්සමින් ඉන්න.."

"අනේ ඔම්මා.."

"මන් යනවා මට පරක්කු වෙනවා..ලව් යූ පැටියෝ.."

"ඔම්මා...!!"

"ඇයි..."

"එද්දි මට කතාකරන පූසෙක් ගෙනත් දෙන්නකෝ.."

"විකාර...මන් යනවා.."

හම්..එයත් ගියා..දැන් ඉතින් මොකද කරන්නේ...

ෆෝන් එකක් තිබුනට කිසි දෙයක් බලන්න හිතෙන්නෙත් නෑ.

මට කා එක්කම හරි කතාකරන්න ඔනී...

ම්..බලමු මේ ගෲප් වලින් නම්බර් එක්කට මැසේජ් කරලා..

'හායී....'

මම් කන්ටැක් නම්බර් තුනහතරකට හායි කියලා දාගෙන දාගෙන ගියා.

එතකොට කෝකෙන් හරි රිප්ලයි එකක් ඒවීනී.

තත්පර එකක්..දෙකක්...තුනක්...මිනිත්තු පහක්ම ගියා.කිසිම රිප්ලයි එකක් නෑ..

"හායි...කවුරු ඉන්නවද 🥺"

මන් අන්තිම පාට්ට වෙන නම්බර් එක්කට මැසේජ් එකක් දැම්මා.

"ඒකත් ඕෆ් ලයින්..හ්ම්"

මන් ෆෝන් එක පැත්තකට දාලා මූන කොට්ටෙක ඔබා ගත්තා.

Vmin one shot collectionWhere stories live. Discover now