12: Mianhae (part 1)

191 40 14
                                    

"ටේටේ.."

"ම්ම්..."

"ඔයා කොහෙද.."

"බැල්කනි එකේ.."

"මේ පින්න වැටෙන වෙලේ බැල්කනි එකට වෙලා මොකද කරන්නේ..."

"ඔයාට පුලුවන්ද මාව මෙහෙන් දුර ඈතකට ගෙනියන්න.."

"මොකක්ද..."

"ඔයාට පුලුවන්ද මාව කොහේටහරි එක්ක යන්න.."

"ඔයා අඩනවද...ඇයි මේ..."

බැල්කනි එකෙන් එලිය බලන් හිටි ටේව තමන්ගෙ පැත්ත හරවගත්ත ජිමින් ඇහුවා..

"මාව කොහෙහරි එක්ක යන්නකෝ ප්ලීස්ස් ජිමිනී..."

"මොකද පැටියෝ උනේ.."

"මන් මේ මැරේජ් එකට කැමති නෑ ජිමිනි. ඔම්මයි අප්පයි මන් කියන දේ අහන්නේ නෑ."

"අඩන්නෙපා ටේටේ.."

"අනේ මාව කොහෙහරි එක්ක යන්නකෝ ප්ලීස් ජිමිනි ප්ලීස්ස්ස්ස්ස්"

ටේටේ එයාගේ කදුලු පිහින ගමන් හිටි ජිමින්ට තුරුලුවෙලා ඉකිගහන්න පටන්ගත්තා.

"ටේටේ,පැටියො මේ අහන්නකො හෙට ඔයාගේ මැරේජ් එකනේ..එහෙම තියෙද්දි කොහොමද.."

"අනේ ජිමිනි මට බෑ මේ මැරේජ් එකට හිතහදාගන්න, මාව කොහෙහරි එක්ක යන්නකෝ.."

"හරී...ඔයාට ඕනි මෙහෙන් යන්නනම් මන් ඔයාව එක්ක යන්නම්.ඒත් මෙහෙදි වින්ද සැප ඔයාට විදින්න දෙන්න මට බැරිවේවී.."

"ඒකට කමක් නෑ..මට ඕනී හිතේ සතුටයි නිදහසයි විතරයි..."

"හ්ම්...ඔයාට ඕනි කරන දේවල් ලෑස්ති කරගන්න..මන් ඉක්මන්ට එන්නම්.."

කියපු ජිමින් ටේව එයාගේ පපුවෙන් ඈත් කරලා ඉක්මනින් ටේගේ රූම් එකෙන් එලියට ගියා.

ටේටේ ආවට ගියාට ඉල්ලීම් කරන්නැති නිසාජිමින් ටේටේට ඕනි කරන දේ කරන්න එයාගේ හිතහදාගත්තා.

ඉතින් ඒකට ඕනි කරන දේවල් ලෑස්ති කරන්න ජිමින් එලියට යද්දි ටේටේ එයාට ඕනිකරන දේවල් ටිකක් පැක් කරගත්තා.

'ඔම්මා අප්පා..,

මන් පුන්චි කාලේ ඉදන් ඔයාලා කැමති හැමදේම මුකුත් නොකියා පිලිගත්තේ හිතේ කැමැත්තකින් නෙමේ.ඔයාලට රිද්දන්න බැරි නිසයි..මන් මගේ ජිවිතේ පලවෙනි පාරට ඔයාලා කැමති උන දේකට අකමැතියි කියලත් ඔයාලා මාව කෙයාර් කරන්නැතුව දිගටම මට බලකලා.ඒත් කලින් දේවලට වගේ මේකටත් මට කැමති වෙන්න බෑ.මට ඕනී නෑ ඔයාල ලග ගෙව්ව හිරකාර ජීවිතේ නොදන්න කෙනෙක් ලගට වෙලා තවත් ගෙවන්න.මට ඕනී නිදහසයි හිතේ සතුටයි හොයන් මන් ඔයාලගෙන් ඈත ලෝකෙකට ඉගිල්ලෙනවා.ඒ ලෝකේ ගොඩක් ලස්සන වේවී.මට ඒ ලෝකේ ඇතුලේ සතුටින් ඉන්න ඔයාලා ඉඩදේවී කියලා මන් හිතනවා.අප්පා,මන් ඔයාලට අවනම්බු කලා කියලා හිතන් මාව හොයන් ඇවිත් දඩුවම් කරන්න හිතන්න එපා. මන් පව්නේ. මන් අවුරුදු 23ක්ම ඔයාලට ඕනි විදිහට හිටියනේ ඒනිසා මන් කැමති විදිහටත් ජීවත් වෙන්න මට ඉඩදෙන්න.. මෙහෙම තීරනයක් ගන්න උන එක ගැන දුකයි..ඒත් මට වෙන කරන්න දෙයක් නෑ..ඔයාලා පරිස්සමෙන් ජීවත් වෙන්න.

Vmin one shot collectionUnde poveștirile trăiesc. Descoperă acum