My story

280 34 44
                                    

"හායි ඕතර්, ඔයා ඉන්නවද "

"හායි..,ඔව් ඉන්නවා..."

"අනේ ඕතර් ඔයාගේ කතා හරි ස්වීට් අනේ..මන් ඔයාගේ කතාවලට ගොඩක් ආදරෙයි..."

"අනේ ගොඩක් ස්තූතියි ඔයාට ❤️"

"මේ ඕතර්,ඔයාට පුලුවන්ද මටත් කතාවක් දෙන්න..."

"ම්..ඔයාට මොන වගේ කතාවක්ද ඕනී..."

"හරිම කියුට් ආදරනීය ප්‍රශ්න මුකුත් නැති සැහැල්ලු පවුල් ජීවිතයක් ගතකරන දෙන්නෙක්ගේ ලව්ස්ටෝරියක්.."

"ම්...හරී....මන් දෙන්න බලන්නම්..."

"අනේ ගොඩක් ස්තූතියි ඕතර්...ඔයාගේ ෆෝන් නම්බර් එක මට දෙන්න ඔයාට පුලුවන්ද..."

"හරි මන් ඒක දෙන්නම් ඒත් ඒක පිට අයට දෙන්න යන්න එපා.."

එදායින් පස්සේ තමා ආදර කතාවක් නැතිව ආදර කතා ලිය ලිය හිටි මන් වටේ මල්සරා කැරකෙන්න ගත්තේ...

එදා වට්පෑඩ් එකේදි මා එක්ක ඔය විදිහට මැසේජ් කලේ කිම් ටේහියුන් කියන හිත හොද දගකාර කඩවසම් කොල්ලා....

එයා මන් එක්ක මුලින්ම කතා කලේ ෆෑන් ෆික්ශන් ලිය ලිය හිටි මගෙන් ලස්සන තවත් ලස්සන ff එකක් ලියාගන්න...

ඒ කතාව ගොඩක් දුර ඇදිලා ගිහින් අපි අපේ තොරතුරුත් එකිනෙකා එක්ක බෙදා ගත්තා...

දවසක් මට එයාගෙන් ආව මැසේජ් එකක් නිසා මන් හොදටම බයවුනා..

"ජිමිනී...මටනම් දැන් මේ ජිවිතෙ එපා වෙලා තීන්නේ..ඇත්තමයි මන් මොකට ජීවත්වෙනවද මන්දා..මට මැරෙන්න ඕනී.."

"ඇයි ඔයාට මොකද උනේ..."

"මට අප්පගේ මේ කරදර තවත් ඉවසන්න බෑ ජිමිනී..මන් ඩිග්ග්‍රී එක කම්ප්ලීට් කලේ එතනින් පස්සේ ලැබෙන ෆ්‍රී ටයිම් එක හොදට එන්ජෝයි කරන්න හිතන් ඒත් දැන් මට වෙලා තීන්නේ අප්පගේ බිස්නස් බලන් මගේ තරුන ජීවිතේ කම්පැනි එකක් වෙනුවෙන් දිය කරලා දාන්න..මට මගේ කියලා ජීවිතයක් ගතකරන්නවත් නිදහසක් නෑ..මගේ මුලු ජීවිතේම වැඩ වලින් පිරිලා..මට සතුටක් සැනසීමක් ගෙනාව මේ වට්පෑඩ් එකට ගිහින් නිදහසේ ff එකක් කියවන්නවත් මට වෙලාවක් නෑ. උදේම කම්පැනි එකට යන මන් රෑ වෙලා විෂ් දාලා ඇදේ පෙරලුනාම ආයේ නැගිටින්නේ පහුවදා.. මන් මේ ගෙවන ජීවිතේ ට්බේරුම මොකක්ද ජිමිනී..."

Vmin one shot collectionWhere stories live. Discover now