2: Te amo (part 2)

286 52 40
                                    

අර වචනවල තේරුම දැනගත්ත දවසේ ජිමින් ගෙදර ගියේ අවුල් උන හිතින්..

එයා ගෙදර ගිහින් හොද වොෂ් එකක් දාන් ඇදේ පෙරලුනාම එයා දැක්කේ බිත්ති කබඩ් එකේ තියලා තීන තෑගි එකතුව..

ඒකේ තිබුන වෙනසක් නිසා එයා ඇදෙන් බැහැලා ගිහින් ඒවා එකින් එක හොදට පරීක්ෂා කරා..

එයාලා හම්බුනු මුල්ම කාලේ උපන්දිනේට ටේගෙන් එයාට ලැබුනේ යාලුවෝ දෙන්නෙක් කරේ අත දාන් ඉන්න පිලිමයක් දාපු snow ball එකක්..

ඊට පස්සෙ තිබුනේ චිමීට ලැබුන උසස්වීමකට ටේටේ දුන්න,

ඒ විදිහෙ හැබැයි අත් අල්ලන් බෙන්ච් එක්ක වාඩි වෙලා ඉන්න එකක්...

ඒකේ සයිඩ් එකෙන් එක්කෙනෙක් ලග රෝස මලකුත් තිබුනා..

ඊටපස්සේ ලැබුන ගිෆ්ට් එකේ ඒ රෝස මල අනෙක් ලමයා අතේ තිබුනේ..

ඊටපස්සෙ එක චිමීගෙ බර්ත්ඩේ ගිෆ්ට් එකක්..

ඒක හාට් වැස්සක් එක්ක රෝසමල් පොකුරක්ම තිබ්බ snow ball එකක්..

අන්තිමටම තිබුනේ මේ අවුරුද්දේ බර්ත් ඩේ ගිෆ්ට් එක..

ඒකේ...

ඒකෙ තිබුනේ..

අයි ලව් යූ කියලා කොටපු හාට් එකක් තුරුලු කරන් බෙන්ච් එකේ වාඩී වෙලා ඉන්න කෙනෙකුයි ඊට එහා පැත්තෙන් කෙනෙකුයි..

මේ ඔක්කොගෙම ඉන්නේ එකම දෙන්නා වගෙම එකම කෙනාම තමා තෑගි දෙන්නේ කියලා තේරුන නිසා එයා මේකේ ටැග් එක බැලුවා..

ඊට පස්සෙ මේ ගැන සර්ච් කරලා බැලුවම මේක ගිෆ්ට් පැක් එකක් කියලා එයාට තේරුනා..

*ඒක සම්පූරන වෙන්න තෑගි හයක් තීන්න ඕනී...ඒත් මෙතන පහයිනේ තීන්නේ..??*

ඊලග එක මොකක් වෙයිද කියලා චිමීට කුතුහලයක් ආව නිසා එයා ඒ ගැන හෙව්වා..

ඊලග එකේ තිබුනේ ඒකේ ඇතුලේ ඉන්න දෙන්න කිස් කරන එකක්..

ඒ වගෙම අර අයි ලව් යූ කියලා තිබුන හාට් එක අනික් කෙනාට එහා පැත්තෙන් තිබුනා..

*ඒ කියන්නේ එයා මට ඊලග අවුරුද්දේ...🥲*

'හනෙ දෙවියනෙ මගේ හට් එක....'

Vmin one shot collectionWaar verhalen tot leven komen. Ontdek het nu