12: Mianhae (part 2)

181 41 24
                                    

නිදහස...

ඔව් නිදහස කියන්නේ මේක තමා..

දැන් ටේටේ එයාට ඕන ඕන විදිහට එයාට ඕනි ඕනී තැනකට නිදහසේ ඉගිල්ලෙනවා.

ඒකත් එයා කැමතිම එයා ආදරේ කරන එයාට විශ්වාසවන්තම කෙනත් එක්ක.

පන්ති පරතරේ නිසා හදවතට සීමාකරලා තිබුන ආදරේ දැන් එයා හිතේ හැටියට විදගන්නවා.

ජිමින් ගැන ටේටේ තියපු විශ්වාසේ ඒ විදිහටම රැකලා ටේට ඕනි ආදරය සතුට නිදහස ජිමින් ලබා දුන්නා.

ටේටේ ගෙදරින් ඇවිත් සතියක් වෙද්දි දේගු වලින් හොද ජොබ් එකක් හොයාගත්ත ජිමින් ටේටේව එයාට නීත්‍යානුකූලව අයිති කරගත්තා.

වෙලාව ලැබෙන හැටියට ටේටේ එක්ක කොහේහරි ඇවිදින්න යන ජිමින් ජොබ් එක කරන වෙලේට ටේගෙන් එන කෝල් ආන්සර් කරලා එයාගේ පාලු මකනවා.

ටේ ගෙදරින් ආපු එකට එයාගෙ ගෙදරින් කිසිම රියැක්ට් එකක් නොකල එක ගැන විමින්ලගේ හිත්වල චකිතයක් තිබුනත් එයාලා ඒක යටපත් කරලා සතුටින් හිටියා.

ජිමින් ජොබ් එකට යනකොට ටේටේ ගෙදර තනිවෙන නිසා ජිමින් ටේට අපූරු තෑග්ගක් ගෙනත් දුන්නා..

ඒ තෑග්ග දැක්ක ගමන් ටේගේ මූන පෙට්ටි හිනාවෙන් වැහිලා ගියා.

පුන්චි හස්කි පැටියව එයාගේ තුරුලට ගත්තු ටේටේ ජිමින්ව හාදුවැස්සක නාවලා එයාගේ සතුට ප්‍රකාශකලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පුන්චි හස්කි පැටියව එයාගේ තුරුලට ගත්තු ටේටේ ජිමින්ව හාදුවැස්සක නාවලා එයාගේ සතුට ප්‍රකාශකලා.

හස්කි පැටියගේ ආගමනයෙන් මාසයක් යද්දි විමින්ලට සුභම සුභ ආරංචියක් ලැබුනා.

ඒ ආරංචියෙන් උද්දාමයට පත්වුන ජෝඩුව එයාලට දැනුන කියාගන්න බැරි සතුට එකිනෙකාගේ තුරුලට වෙලා විදගත්තා.

Vmin one shot collectionWhere stories live. Discover now