"චිමී අද ඔයා එනවද "
"ඔව් මැනික.."
"අනෙ එන්න එපා රත්තරං "
"මන් නෑවිත් කොහොමද මැනික..."
"ඔයාට ගොඩක් රිදේවී..."
"කමක් නෑ මැනික...ඔයා නිසානේ මට රිදෙන්නේ.."
"ඒ නිසා තමා එන්න එපා කියන්නේ..."
"ඒ ගැන හිතන්න එපා මැනික...අද අනිවාරෙන් මන් එනවා..."
"අනෙ..🥺"
"අඩන්න ඔට්ටු නෑ.."
"ටේටේ...??අප්පා.... ෆෝන් එක මෙහෙට දෙන්න...ඔයාව ලෑස්ති කරන කට්ටිය ඇවිත් වොෂ් එකක් දාන් ලෑස්තිවෙන්න."
ටේගේ අප්පයි ටේයි අතර ඒ උන කතාවත් එක්කම ටේගේ කෝල් එක කට්වුනා..
*හ්ම්...මාත් ලෑත්තිවෙන්න යන්න ඕනී..*
වොෂ් එකක් දාන් ආපු මන් ඊයේ ගෙදර එනගමන් අරගත්තු පාටිකිට් එක අරගෙන ඇදගත්තා.
"ලස්සනයි...ඔය වගෙම කොහොම හරි එතනදිත් හිනාවෙන්න.."
කන්නාඩියෙන් පේන මගෙ ප්‍රතිබිම්බයට හිනා වුන මන් මටම කියාගත්තා..
"පුතා කොහේ යන්නද මේ.."
මන් කී එකත් අරන් ගෙදරින් එලියට යන්න හදද්දි ඔම්මා ඇහුවා.
"වෙඩින් එක්කට ඔම්මා.."
"කාගෙද..??."
"මගේ බෝයිෆ්‍රෙන්ගේ..."
ඔම්මා දිහාට අසරන හිනාවක් දාපු මන් එහෙම කියලා වාහනේ ලගට ආවා..
ඔම්මගේ ඇස් වේදනාවෙන් බරවෙද්දි එයා එයාගේ අතක් කම්මුලේ රදවගත්තා..
ඔම්මා දන්නවා මන් ටේටේට කොච්චර ආදරේ කරනවද කියලා ඉතින් එයාගේ ඇස්වල වේදනව තීන එක සාදාරනයි...
මන් වෙඩින් එක තීන හොටෙල් එකට එන්න කලින් මල්බොකේ එක්කුයි ලියුම් කවරයකුයි අර ගත්තා..
ලියුම් කවරේ ඇතුල්ට සල්ලි දාලා කවර් කරපු මන් ඒක මල් බොකේ එකෙ තියාගෙන වෙඩින් හෝල් එක ඇතුල්ට ගියා..
මුලු හෝල් එකම අමුත්තන්ගෙන් පිරිලා ගිහින් තිබුනා...
මන් හෝල් එක ඇතුල්ටම ගිහින් ඉස්සරහා පුටුපේලියක වාඩි උනා..