8: Best friend forever 💓 (part1)

264 45 21
                                    

"එක්සියුස් මී..."

"ඕ...කියන්න.."

"ඔයා ඩේට් එක්කට යන්න කැමතිද "

ජිමින් ලගට ආපු කෙල්ලෙක් එයාගෙන් ඇහුවා..

"මොකක්ද.."

"ඔයා මගේ යාලුවත් එක්ක ඩේට් එක්කට යන්න කෑමතිද.."

"මට තේරුනේ නෑ.."

හිටි හැටියේ කෙල්ලෙක් ඇවිත් එයාගේ යාලුවා එක්ක ඩේට් එක්කට යන්න කැමතිද කියලා ඇහුවම අන්දුන්කුන්දුන් උන ජිමින් කිව්වා.

"මන් මෙතනින් වාඩි උනාට කමක් නැද්ද"

ඒ කෙල්ල ජිමින් ලග පුටුව පෙන්නන ගමන් ඇහුවා..

"කමක් නෑ.."

"මන් හරු..කිම් ටේහියුන් කියන්නේ මගේ හොදම යාලුවා.එයා ඔයාට කැමතියිලු.."

"කැමතී"

ජිමින් ඇහිබමක් උස්සලා ඇහුවා..

"මන් කියන්නේ එයා ඔයාට ආදරෙයි.."

"ආ එහෙමද.."

මේ දේවල් අලුත් දෙයක් නොවුන නිසා ජිමින් සැහැල්ලුවෙන් ඇහුවා..

"ම්ම්..ඉතින් ඔයාට පුලුවන්ද එයා එක්ක ඩේට් එක්කට යන්න.."

"ඕක ඔයාගේ යාලුවට ඇවිත් අහන්න බැරිද.."

"එයා ඒක ඔයාට කියන්න බයයි"

"ඇයි ඒ.."

"එයා බයයි ඔයා එයාව ප්‍රතික්ෂේප කරාවී. එයාට බනීවී කියලා..ඉතින් එයා ඒ ගැන කියන්න කැමති නෑ.."

"ඒ නිසාද ඔයා කියන්න ආවේ.."

"ඔව්...ඇත්තටම එයාට මේ දවස්වල හරියකට පාඩම් වැඩක්වත් කරගන්න බෑ.. කොයිවෙලාවේත් ඔයා දිහා බලන් ඉන්නවා..කන්න ගියත් එයා ඔයා දිහායි බලන් ඉන්නේ.එයා යුනි එකේ ඉන්නේ හීන ලෝකේක ඉන්න කෙනෙක් විදිහට..එයා මීට කලින් ඔහොම හැසිරිලාම නෑ.."

"ඔහ්..මන් නිසා ඔයාගේ යාලුවා වෙනස් වෙලාද.."

"හ්ම්...එයා අද මාත් එක්ක රන්ඩුත් උනා."

"අහ්..ඒ කියන්නේ එයා නපුරු කෙනෙක්..."

"නැ..එයා හරිම හොද , ලස්සන , අහිංසක කියුට් , වෙලාවකට සැර , පොඩ්ඩ ඇත්තන් ජෙලස් වෙන කෙනෙක්.."

Vmin one shot collectionWhere stories live. Discover now