"බබා දොයියන්නෙ එහෙම නෑ.. පේනවා නෙ වෙලාව"

මේකා කියලා රූම් එකෙන් එලියට ගියා.

මගුලක් කතා කරනවා. වෙලාව පේන්නේ නැති වෙන්න මොකද ඔරලෝසුව අන්වීක්ෂීය ද 😒.



ඔන්න ඔහෙ ඕනෙ එකක් වෙච්චාවෙ කියලා මම බාත් රූම් එකට ගියෙ සුලු දිය පහ කරන්න.

අනිත්වා පස්සෙ කර ගන්න බැරියෑ කියලා රූම් එකෙන් එලියට ආවේ මගෙ බබාලා 14 බලන්න 😁.

7ක් ගෑණු. 7ක් පිරිමි.

ටේෂි, ටේහි , ටේහින්ගි , ටේවරී , කුන්සුකී , ජන්ගිගී , ටේකුකී ,ටේගුකී , ටේෂ් , ටේහ් , ටේහින්ග්, ටේවර්, කුන්සුක් , ජන්ගිග් , ටේකුක්. ටේගුක්

ඕක තමා පිලිවෙල😁.


මම වැනි වැනි බිත්ති වල හැප්පි හැප්පි ආවෙ උන් නැගිටලා නැති නම් කන් දෙක පිරෙන්න දෙන්න

මම 11ට තමා නැගිට්ටෙ. එහෙමයි කියලා උන් එහෙම කරන්න ඕනෙද?

අපි ඒ කාලෙ ඉගෙන ගත්තෙ බෝම්බ පිපිරෙද්දී ,මාස්ක් එකක් යට හුස්ම හිර වෙද්දී , ගෑස් පිපිරෙද්දී , බඩු මිල රුසියාවටත් වඩා ඉහල යද්දී , ඇල්ෆා , බීටා , ගැමා , ඩෙල්ටා කියලා ග්‍රීක හෝඩියෙන්ම ප්‍රභේද එද්දී , ලයිට් කපද්දී , පෙට්‍රල් රත්තරං වලට වඩා ගනන් යද්දී , කොටින්ම කිව්වොත් රට බේරා ගන්න ආව එකාගෙන් අපිට බේරෙන්න වෙද්දී

මුන්ට සැප වැඩී යකො


මම වැනි වැනි ගිහින් ලොකු එකාගෙ කාමරේට එබුනෙ ඌ පාඩම් කරනවාද බලන්න.


හොඳ එකා 👀❤️.

හයියෙන් කියව කියව හිස්ට්‍රොරි පාඩම් කරනවා.

"වර්ෂ 2022 දී කෝපයට පත් ශ්‍රී ලංකාවාසින් එවකට අති ගරු ජනපති ගෝටාභය රාජපක්ෂ මහතාට විරුද්ධව සටනක් දියත් කොට ජය ලබා තිබෙන අතර එහිදී එම නිදහස් සටනෙහි සටන් පාටය වූයේ "ආ මුතූ අල කීයද?" යන්නයි. මෙහිදී........"

මූ දාගෙන කියවන නිසා මම ෂේපෙට දොර වහලා දැම්මා.

විනාඩියක් යන්න කලින් මට මතක් උනෙ මගෙ තරුණ කාලෙ.

හුටා 😬

ඒ කාලෙ මම අර ගස් වැද්දා ගෙ පස්සෙන් ගියා කියලා මතක් වෙද්දී බෝම්බයක් බැඳන් අත්ලාන්තික් සාගරයට පනින්න හිතෙනවා.

High School Romance | TK ✓Where stories live. Discover now