10. බිස්කට්

2.1K 538 162
                                    

එදා හිස්ටොරි දවසක්.

මමයි ජිනුයි ජිමිනායි හොබියයි පිටිපස්සට වෙලා ක්‍රීම් බිස්කට් කකා හිටියෙ.

සර් පාඩම කරනවා.
අපි බිස්කට් කනවා

සර් පාඩම කරනවා.
අපි බිස්කට් කනවා

සර් පාඩම කරනවා.
අපි බිස්කට් කනවා


"ඕයි ටේ"
මම බිස්කට් එකට සම්පූර්ණ අවධානය යොමු කරගෙන ඉන්නකොට ජිමිනා මගෙ ඉල ඇට කූඩුවට ඇන්නා

"මොකද බල්ලො?😫"

"අඩේ යුන්ගියා අපි දිහා බලන් ඉන්නවා. උන්ටත් කෑල්ලක් දෙමුද?"
මූ අහනකොට මම ජිමිනා දිහා බැලුවා.

සික් මේකා. ක්‍රීම් බිස්කට් එක දෙකට ගලවගෙන ලෙවකනවා නිකන් ගෙවල පෙරේතයා වගෙ.

යුන්ගියා බලන් ඉන්නෙ බිස්කට් එකක් දිහා නෙවෙයි. මිනිස් ඇසට දර්ශනය වෙන මේ ප්‍රේත ජීවියා දිහා කියලා මගෙ ගං කබර මොලේට තේරුනා.

"ඕනෙ නෑ බං"
මං බිස්කට් එකට ලෝබ කමෙ කිව්වා

"අනේ මගෙ පණ.... උම්මා කැටේනෙ..... හොදයි නෙ ඔයා..."
මෙන්න මේකා උගෙ ඩැහි අඬු වගෙ තියෙන අත් වලින් මාව බදාගෙන.

ජන්කුක් දැක්කොත් එයාගෙ ගං කබරයා දිහා වැරදියට බලයි 😫💔.

"සික් පලයන්..... හා හා... දීහන්... වැඩියෙ දෙන්නෑ"
මම කිව්වෙ යුන්ගියාට දුන්නොත් ජන්කුක් ත් කනවා කියලා දන්න නිසා.

"තැන්කූ සුදු අම්මියා... උම්මා..."
මෙන්න මේකා මාව වැරදි විදියට අල්ලනවා 😫.

"ඕයි ටේ... පොත දිහා බලපන්"
මම ජන්කුක් ට ලයින් පාරක් දාන්න ඔලුව උස්සනකොටම ජින් බාධා කලා

නොදකින් අසමත්ජාති යාලුවො.

"ඉදාන්කො"

"ජන්කුක් උඹට කැමති නෑ බං. ඉගෙන ගනින් ඒ නිසා"

මෙන්න මූ මාව මනසින් වැට්ටනවා.

"ප්‍රේමය අයිතියක් කර ගත් මිනිසුන් අතරද
ප්‍රේමය අයිතිය කර ගත් මිනිසුන් අතරද
අයිතියට පමණක් ප්‍රේමය කියන මිනිසුන් අතරද
මම ඔබට අයිතියක් නැතිව ප්‍රේම කරමි 😫"

High School Romance | TK ✓Where stories live. Discover now