16. ලං කරලා අඹරන්න

2K 505 172
                                    

එදා සයන්ස් සෙමිනා එක දවස

අපි හතර දෙනා සයන්ස් සෙමිනා කිව්වා විතරයි ඉක්මනට හැමෝම පෙරලගෙන දුවගෙන ආවෙ අන්තිම පෝලිම අල්ලා ගන්න. නැති නම් බෑ ඔය මගුල් අහන් ඉන්න මෙලොව උපන් ජීවියෙකුට ☹️

"අඩො කන්න මොනවා හරි ගේමුත"
ජිමිනා යෝජනා කලා.

"ඉදාන්"
හැමෝටම කලින් නැගිට්ටෙ අපෙ හොබ්බා. වීරයා වගෙ එලියට ගියෙ උගෙම සල්ලි වලින් කෑම ගන්න.

(මොකද ඌ දන්නවා අපි සල්ලි දෙන්නෙ නෑ කියලා 😁)

"කෝ බන් මගෙ පුවක් පස්සා 😭"
ජිමිනා මගෙ එහා පැත්තේ වාඩි වෙලා විලාප තියනවා.

"ජන්කුක් ඌව බුලත් කන්න ගන්න ඇති"
මම කිව්වෙ මුගෙ විලාපෙ දරා ගන්න අමාරු නිසා. ඒත් ඒකෙන් උනෙ මුගෙ විලාපෙ වැඩි උන එක විතරයි.

"අනේ මගෙ පණ... තොගෙ අර අපතයා මගෙ අහිංසක පුවක් පස්ස කොලූ ව කාලා දාලා 😭"

ජිමිනාගෙ විලාපෙ අහන් ඉන්න බැරි තරම් අප්පිරියයි.

හොඳ වෙලාවට දෙයියො වැඩියා වගෙ යුන්ගියා එතනට ආවා ජන්කුක් නම්ජුන් එක්ක.

"අන්න උඹේ පුවක් පස්සා"
මගෙ සූටි හා පැටියාගෙ අත අල්ලන් ඉන්න යුන්ගියා ව පෙන්වන ගමන් මම ජිමිනාට කිව්වා.

ටිකක් ඉදාන්? අත අල්ලන් 😭

මුන් දෙදෙනා එකට ගැටෙනවා වැඩී දැන් 🤨

පුවක් පස්සො.... දෙන්නම් තොට ජම්බූ......

ටික වෙලාවකින් ජන්කුක් වන වන ඇවිත් අපි ඉස්සරහින් වාඩි උනා.

පස්ස පැත්ත වන වනා වන වනාන වන වනා....

ඒ පස්ස පැත්ත මාව පිස්සෙක් කලා.

"ඇඩො ඒ පස්ස"
මම ජින් ට කිව්වා.

"ඕකට ඩයිනමෝවක් සැට් කලානම් අනිවා පස්ස වනද්දී ඇති වන චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය කරලා සජිත් ගෙ උදා ගම්මානෙට ලයිට් දෙන්න තිබුනා"
මෙන්න මූ කියනවා.

හැබැයි වැඩෙත් හොදයි
බැන්ද දවසක ගෙදරට කරන්ට් ගන්න බැරි යා.

ටික වෙලාවකින් හොබියත් ඇවිත් අපි ළග වාඩි උනා.

ටික වෙලාවකින් සෙමිනා එක කරන සර් අවා.

High School Romance | TK ✓Hikayelerin yaşadığı yer. Şimdi keşfedin