08- තට්ටයා

2.3K 548 324
                                    

එදා මැත්ස් මැඩම් ආවෙ නෑ. මායි ජිමිනයි එලියෙ හිටගෙන ජනේලෙ ළඟට වෙලා කයියක් දාගෙන හිටියා, මමත් ඉන්න ගමන් ජන්කුක් ට ලයින් පාරක් දාගෙන ජිමිනා යුන්ගියා ගැන කියවන මගුල් අමාරුවෙන් අහන් ඉන්න උත්සාහ කලා.

"හම්මේ ටේයියෝ.... අනේ අර යුන්ගියා.... උගෙ පස්ස බලහන්. පුවක් ගෙඩිය වගේ, දැක්කම ඉඹින්න හිතේ...."

ෂික්. මේ මොන වරත්තයෙක්ද මමත් යාලුවා කරන් ඉන්නෙ. මූ එක්ක ඉන්නත් බයයි මට😖.

"අහපන්කෝ..... ටේයියෝ..."
මූ මාව හොලෝ හොලෝ කෑ ගහනවා.

"මොකද හු@#&!!!!"

"උඹට ඊර්ෂියයි නේද?"
මෙන්න මූ අහනවා.

"මොකටද?"

"උඹේ ජන්කුක්ගෙ මගෙ යුන්ගියාගෙ වගෙ පස්ස ලොකු නැති නිසා"

ෂික්. මොකක් ද ඒ කිව්ව ජරා කතාව. මූ එක්ක හිටියොත් ළඟදීම පරිවාසෙ යන්න වෙනවා.

"කටවහපන් බං, යුන්ගියාගෙ කැත"
ජිමිනා මාව බදාගත්තාම මම කිව්වා.

"හැහ්... කැතයි??? පව් දෙයියනේ මගෙ පුවක් පස්සා 😫"
මෙන්න මූ මාවත් බදාගෙන කෑ ගහනවා. දෙයියොම බලාගන්න එපායෑ මේවා.

ජන්කුක් බිම බලාගෙන නෝට් ලියනවා. අනේ මගෙ කොල්ලා. මේ ටේට බැරි උනොත් උඹවත් විභාගෙ පාස් වෙයන් මගෙ හා පැටියො 🐰❤️

"ඕයි ටේ"

"ඒ පාර මොකද??"
මම ඇහුවෙ තරහෙන්. මූ දැන් මොන පස්සක් ගැන කියවනවා ද දන්නෑ.

"අඩේ මන්දන සර්"
මූ ජනේලෙන් එලියට අත දික් කරලා පෙන්නුවා.

අපේ ඉස්කෝලේ හිටියා ගණන් සර් කෙනෙක්. නම මන්දන. 😁.

මොනා උනත් එල කොල්ලා. පොඩි පරහකට තිබුණෙ ඔලුව මැද්දෙ දිලි දිලි දිලී සේවී කියලා තියෙන තට්ට ගෙඩිය.

හම්මේ කන්න හිතෙනවා.

බිත්තරේ වගෙ.

මට දැක්ක වෙලෙ ඉඳන් හිනා.

එක සැරේ ජිමිනා මගෙ ඉල ඇට කූඩුවට හයේ පාරක් ගැහුවා.

"මොකද??😡" මන්දන සර් ගැන තිබ්බ අවදානෙ බිදුණු නිසා මම ඇහුවා.

High School Romance | TK ✓Where stories live. Discover now