02- කෝල් එක

2.9K 639 182
                                    

"අඩොව් ටේ වැඩේට ලෑස්තියි නේද?"
හොබියා මැත්ස් ක්ලාස් එකට  දුවගෙන එනකොට වෙලාව හොඳටම පරක්කු වෙලා.

"ඉක්මනට වරෙන් සර් එන්න කලින්"
මම කිව්වෙ සර් ආවොත් ප්ලෑන් එක ගුලි කර මහවැලියට දාන්න වෙන නිසා.

"ඔව් ඕයි. ...... ජන්කුක් ෆෝන් එක උස්සයි නේද?"
ජිමින් ඇහුවෙ හිත කරදරෙන්.

"මගෙ හදවත විශ්වාස කරන්නකෝ 😌"
මමත් කියලා දැම්මා.

"උඹේ අහවල් එකක් අපි මක්කටැයි විශ්වාස කරන්නෙ?"
හොබියා තරහෙන් කියනකොට මම උට දිව දික් කලා.

"මගෙ හදවත කියනවා ජන්කුක් ෆෝන් එක උස්සනවා කියලා"
කිව්වට මොකද මටත් ෂුවර් එකක් නම් තිබ්බෙ නෑ

"හරි..... හිනා වෙන්නෙ නැතිව හරියට වැඩේ කරපන් ටේ"

"හරි හරි..... මම ගානට කරන්නම්, උඹලා මාව හිනා ගස්සන්නෙ නැතිව ඉන්නවලකෝ..... ඒ ඇති"
කිව්වට මොකද මටත් මුන්ව පොළොවෙ වැලිකැටයක් ගානට ෂුවර් එකක් නෑ.

"හරි හරි.... බන්.... ඩයල් කරපන්"
ජිමිනා කෑ ගහනකොට මම ජන්කුක් ගෙ අංකෙ ගැහුවා.

076 66 ## ##1
මට කට පාඩම් 😁.

ඔව් ඔව්....

මම මේ මගෙ එකම ආදරයට පලවෙනි වතාවට කෝල් එකක් ගන්නවා.

"රින්ග්ස් යනවා" මම හිමීට කෙඳිරුවා.

ඒ අස්සෙ  ජින් කටට ලේන්සුවක් ඔබාගෙන. මුගෙ ආච්චිට හාල් ගරන්න. මොන මගුලක්ද?

මමත් ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න ඕනෙ නිසා දත කාගෙන හිටියා.

"හෙලෝ" එහා පැත්තෙන් ජන්කුක්ගෙ කටහඬ ඇහෙනකොට මගෙ ඉස්මුදුනෙ ඉඳන් යටි පතුල දක්වා උණ සන්නිපාතෙ හැදුනා වගෙ ගැහෙන්න ගත්තා

ප්‍රේමයේ වේදනාව වෙන්න ඕනෙ

හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නෙ ඔය ඇස් දෙකමයි සැමදා 😁

"කිපාන්" ජිමින් මගෙ කනට කෙඳිරුවා.

"හෙලෝ මේ ජන්කුක් මහත්තයාද කතා කරන්නෙ?" මමත් ගැම්මට අහලන ගමන් loud speaker දැම්මා.

"ඔව්....?"

"මහත්තයා පොරොන්දුවක් උනා නම් ඒක ඒ විදියටම ඉටු කරන්න ඕනෙ නේද? මොනවද මහත්තයා මේ කරන්නෙ?? මහත්තයා අපේ බලාපොරොත්තු කැඩුවා මහත්තයා..... මහත්තයා... මම මැදගම සිරි සුනන්දාරාමයෙන් කතා කරන්නෙ... කෝ ඔබතුමා බාර ගත්ත දානේ?????"

High School Romance | TK ✓Where stories live. Discover now