04- ඔටෝ බුක් එක පාර්ට් ටූ

2.4K 582 237
                                    

ඊට පහුවෙනිදත් ඔච්චර දෙයක් වෙලත් තියෙන අමාරුවට මම ගෙනිච්චා ඔටෝ එක ඉස්කෝලේ.
කොහොම හරි ජන්කුක් ට මරණ තර්ජනය කරලා හරි ඔටෝ එක ලියා ගන්නවා කියන අදහස පෙරදැඩි කරගෙන තමා මම ඕක ඔස්සගෙන ගියේ.

ඒත්

කරුම තියෙන්නෙ පල දෙන්න🤧

ඔව් මිත්‍රවරුනි

එදා ඒ උතුම් දවසෙ බෑග් චෙක් කලා🙂

හොඳ වෙලාවට වගේ අපිට කලින් දහය වසරෙ බෑග් චෙක් කරලා. මගෙ පස්සෙන් අයියා අයියා ගගා අව නංගියෙක් මට කිව්වා වෙලාවට බෑග් චෙක් කරනවා කියලා.

ආ කතාවට බහිමු.

නංගියා කිව්වා උනාට මම ඕක ගනන් ගත්තෙ නෑ. ජිමිනා කොන්ඩම් එකක් ඉස්කෝලෙ ගෙනල්ලා අපි කෝකටත් කියලා ටොයිලට් එකට දාලා ප්රෙෂ් කලා.

එතකොට තමා පිපෙක්ට් ලා ආවෙ

හුටා. මෙච්චර දෙයක් වෙයි කියලා කවුද දන්නෙ. අපේ ඉංශ්‍රීසි මැඩමුත් පස්සෙන් ආවා.

දැන්නම් බඩු හරි.

මොනවා කරන්නද ඔටෝ එකට.

ඕක මාට්ටු උනොත් අස්වීම දෙන්නැතිවම දොට්ට දායි මාව😬

ඔව්. මම කරන්න තියෙන හොඳම වැඩේ කල

ඔව් පින්වතුනි ඔව්.

මම ඔටෝ එක මගෙ යටකලිසම අස්සෙ දා ගත්තා😬

ඔටෝ එක පොඩි නිසා අවුලක් නෑ. නෝට් බුක් එකක් ස්යිස් ඒක.

ඒත් කොන් එහෙන් මෙහෙන් ඇනෙනවා😭.

මොනවා කරන්නද කාගෙන හිටියා.

පිපෙක්ට්ලා ඇවිත් බෑග් චෙක් කරලා අල්ලන්න පුලුවන් තැන් අල්ලලා බැලුවා. හොඳ වෙලාවට එතන ඇල්ලුවෙ නෑ.

අහු උනා නම් මට දුක මං ගැන නෙවේ. ඕක චෙක් කරන උදවිය ගැන😌.

එතකොට තමා අපේ ගණන් මැඩම් පාත් උනේ.
මම මැත්ස් ලීඩර්.

"ටේහ්‍යුන්. පොඩ්ඩක් එන්න. මට මේ අංක ටික කියාගෙන කියාගෙන යන්න"
ප්‍රිපෙක්ට්ලා අනිත් අයගෙ බෑග් චෙක් කරද්දී මට මැඩම් කතා කලා

ඇයි කඩවලේ මටම වෙන්නෙ.
ඒ අස්සෙ අර කොටා හිනා වෙනවා.

මම ගැම්මට නැගිට්ටා.

නැටිට්ටාට මොකද කොන ඇහුනාම මට වල්ගා තරු නත්තල් නැතිවම පෙනුනා.

"ටේහ්‍යුන් අඩිය ඉක්මන් කරලා එන්න පුතේ"
මිස් කියනකොට අඩිය ඉක්මන් කරපුවාම තමා මට සෙනසුරුගෙ වටේ කැරකෙන අර රවුම වගෙ එකත් පෙනුණෙ.

ඔව් පිංවතුනි. මට සසර බිය තේරුනා😭

කොර ගහ ගහ මැඩම් ගාවට ගියපු මම දිහා ජන්කුක් කට ඇරන් බලන් ඉන්නවා

ඌ දන්නෙ නෑනෙ එයාගෙ ගං කබරයා එයා වෙනුවෙන් උහුලන වේදනාව

තෝ තමා සේරටම මුල. මට එකපාරින්ම කැමති උනානම් මෙහෙම වෙනවාද????

ඒ එක්කම කරුමෙට වගේ මැඩම් රතු පෑන වට්ටා ගත්තා.

ඒකත් අහුලන්න උනේ මට.

ඔව්. මට ප්‍රේමයෙ වේදනාව තේරුනා.

අත්දුටුවයි ප්‍රත්‍යක්ෂ යි😭

ජන්කුක් ඔයාගෙ ගං කබරයා ට රිදෙනවා මගෙ රත්තරන් 😭💔.

ඒ සේරම අස්සෙ කෙල්ලෙක්ගෙ ඔටෝ එකක් අහු උනා.
ඒකෙ මම ලියලා තිබ්බා වෙඩින් එක කිව්වෙ නැතිනම් හනි මූන් එක දවසෙ මිනිහාව උස්සනවා කියලා.

මැඩමුයි ප්‍රිපෙක්ටුයි මේ වේදනා දරාගෙන ඉන්න කොල්ලාට අසහනේ කියලා ඒ අස්සෙ බනිනවා.

කා හටද පවසන්නෙ මගෙ වේදනාවන්😭😭

ඒ අස්සෙ අර කාලකණ්නි රැල හිනා වෙනවා.ජන්කුක් මම දිහා අමුතු වට බලනවා.

කෝමෙන් කෝම හරි මම දවසම ඔටෝ එක කළිසම අස්සෙ දාගෙන හිටියා සහ ඊට පස්සේ දවසක ඒ ඔටෝ එකේ ලියන්න යුන්ගියා ටත් දුන්නා 😁.






































අපි මේක ගැන වැඩියෙ කතා නොකර ඉමු. ඒ අඳුරු අතීතය මතක් කරන්න මම කැමැති නෑ🙂💔.

ආආ.... ඔයාලා ඔච්චර ඉල්ලන නිසා මම ජන්කුක් ගෙ ඇත්ත ගං කබරයා ව පෙන්වන්නම්. විනාඩි පහකට. ඒ අවස්ථාව මුලින්ම කියවන අයට විතරයි😂.

ලැජ්ජයි ඕයි.

මම පාරෙ දැක්කොත් අදුරා ගන්න බැරි වෙන්න ඇස් දෙක කැපුවා 😂😂.










කාලය අවසානයි. ගං කබරයා අයින් කලා 😂💔






















ඔව් පිලිගන්න. ඔය ඉන්නෙ ජන්කුක් ගෙ ගං කබරයා.😂😂


බියුටි කැම් දාලා ගැහුවෙ ඕයි. ඒත් කැත නම් කරන්න දෙයක් නෑ 😂

ජන්කුක් වත් පෙන්වන්න හිතෙනවා. පස්සෙ බලමු කො 🙂.


High School Romance | TK ✓Where stories live. Discover now