12. හාවා

2K 525 111
                                    

එදා ඉස්කෝලේ ඇරිලා මම පාරට වෙලා හිටියෙ. මම එහෙම එක පාරට ම ගෙදර යන්නෙ නෑ.

ජන්කුක් ගෙ ඒ පෙම් බර දෑස් අන්තිම වතාවටත් බලලා තමා මේ ගං කබරයා ගෙදර යන්නෙ 😌

ඒක නිසා මාත් එක්ක යන අරුන් තුන්දෙනාටත් ගෙදර යන්න විදියක් නැතිව කර වෙවී ඉන්නවා ජන්කුක් එනකම්

"මූ එන පාටක් නෑ ටේයියො.... යමන් ගෙදර"

"ඒකනෙ බං හවස මැත්ස් ක්ලාස් එකෙත් ඌව හම්බෙනවා නෙ. යමුකො බල්ලො"

මෙන්න මුන් කෑ ගහනවා.

"යමන් බං. තොට පිස්සු"
ජිමිනා පොහොර දානවා.

"නෑ. නෑ ඉඳාන්කො කෑ නොගහ.. මගෙ මැණිකව බලලා තමා මම යන්නෙ😒"
මම උන්ව නිශ්ශබ්ද කරලා ජන්කුක් එනකම් බලන් හිටියා.

උත් දන්නවා මම ඌ එනකම් මෙතන ඉන්නවා කියලා , ඒක නිසා මෙතනින්ම පස්ස වන වන යනවා.

අනේ ඒ පස්ස...... මාව පිස්සෙක් කලා 😍

මෙන්න ටික වෙලාවකින් සෙට් එක එනවා වගෙ.මුන් හෙන අයියලා සෙට් එකක් එක්ක ගෙදර යන්නෙ. ඉස්කෝලෙ ගේට් එකෙන් මුලින්ම ආවෙ චන්යොල් අයියා.

"ආ ටේ... කුක්කා එනකම් ද?"
මට හිනාවක් දාගෙන අත වනන් යනකොට මමත් බායි කිව්වා.

ඊට පස්සේ තව අය ආවා, එක දිගට එනවා. නම්ජුනාත් අපිට බායි කියන් ගියා.

කෝ ජන්කුක්?????

වෙනදා ඉස්සරහින්ම  ජනාධිපති වගෙ යන එකා අද කෝ ☹️☹️.

"යමන් බන් ඌ නෑ"
ජිමිනා මාව අදිනවා.

"සමහර උට බඩේ අමාරුවක් ඇවිත් බැද්දට පාත් වෙන්න ඇති"
මෙන්න ජින් කියනවා.

"අනේ.... යමුකො බලන්න😫"

"පිස්සු ද ටේයියො... මොකො උඹ උගෙ පස්ස හෝදන්නද? මෙන්න මෙහෙ වරෙන් යන්න"

ඒ එක්කම....

මෙන්න ජන්කුක් ආවා.

ටිකක් හිටු...

යුන්ගී ජන්කුක් යි අතින් අල්ලගෙන ☹️

අඩෝ..... මම මොනවද මේ දකින්නෙ.

හිමීට කොඳුර කොඳුර බිමත් බලාගෙන

වට්? යුන්ගී ජන්කුක් එක්ක??

High School Romance | TK ✓Where stories live. Discover now