14. ගෙදර සොයා යෑම

2K 509 107
                                    


අපේ හොබියාගෙ හොඳම යාලුවෙක් උන චන්යොල් ගෙ ගෙදර මමයි ජිමිනායි ජිනුයි හොබියායි ගියෙ පාඩම් කරන්න කියලා හිතාගෙන.
පොර ඉන්නෙ ඉහලගම පාරෙ.

එක දවසක් අපි ආතල් එකට පන්තියෙ රෙකෝට් බුක් එක බල බලා ඉන්නකොට ජන්කුක් ගෙ address එකත් බලා ගත්තා.

ඉහළගම පාරෙ ඌත් ඉන්නෙ.

නොදැනුවත්වම ජන්කුක් ගෙ ගෙවල් ලගට අපි ඇවිත් 😭.

අපි කෑම මේසෙ වටෙ ඉඳගෙන පාඩම් කරනවා.

ජින් විද්‍යාවට වැඩ්ඩා නිසා ඌ අපිට උගන්වනවා.

"කැතෝඩය ඇනෝඩය සෙට් කලාම කැතෝඩයෙ ඔ'හරණ ප්‍රතික්‍රියාව වෙලා........ ටේ උඹ අහගෙනද ඉන්නෙ?"

මූ මගුලක් කතා කරනවා. මොන කැතෝඩයක්ද? මගෙ හිත තිබ්බෙ මගෙ ප්‍රේම බෘංග කුරුලු රාජයා ලග.
ජන්කුක් ගෙ ගෙවල් ලගටම ඉදගෙන ඔය කැතෝඩය ක් ගැන අහං ඉන්න මට පිස්සුවක් ඇතෑ 🙄.

"අහගෙන ඉන්නෙ ජින්. උඹ කියපන් 😁"
මුගෙන් බේරිල්ලක් නැති නිසා මම කිව්වා.

"හා මොකක් ද මම කිව්වෙ?"

"කැතෝඩයක් ගැන නෙ 🙄?"

"මොන ප්‍රතික්‍රියාවද වෙන්නෙ කැතෝඩෙ ළග?"
මූ මගුලක් කතා කරනවා.

මම දන්න කැතෝඩයක් නෑ. මම හිනාවක් දාලා පොතට එබුනා

"තෝ මොන ලෝකෙද බල්ලො ඉන්නෙ?"
ජින් මට බනිනවා

"උඹ දන්නවනෙ ඉතින් මම කාගෙ ලෝකෙද ඉන්නෙ කියලා 😁"

"ජන්කුක් ගෙද?"
ජින් කෑ ගහනවා. හුටා. චන්යොල්ගෙ අම්මත් ඉන්නවා. ඇහුනොත් ජන්කුක් ව පෙන්නයි මට.

"කෑ ගහන්න එපා මූසලයො. ජන්කුක් ගෙ ගෙවල් මේ ළග නේද තියෙන්නෙ. ඉහලගම පාරෙ නෙ?"
මම ඇහුවා විතරයි කට්ටියට විද්‍යාව අමතක උනා.

"අඩො සිරා ඔව්මයි. චන්යොල් දන්නෙ නැතිද ඌ ඉන්න දිහාවක්"
හොබියා චන්යොල් ගෙන් අහනවා.

"නෑ ඕයි. ටේ උඹෙ අර ගංකබර කොල්ලා නේද ඔය කියන්නෙ?"
චන්යොල් අහනවා.

"එයා නෙවෙ බල්ලො... මායි ගං කබරයා 😭"
මම කෑ ගැහුවා.

"කෑ ගහන්න එපා හු@#."
ජින් මට බනිනවා.

High School Romance | TK ✓Where stories live. Discover now