03- ඔටෝ බුක් එක පාර්ට් වන්

2.6K 595 172
                                    

එදා ටිකක් වැහි බර දවසක්

ප්‍රේමයේ වේදනාව දරා ගන්න බැරි තැන තමා මම එහෙම කලේ🙂💔

මට වෙන කරන්න දෙයක් නෑ දෙයියනේ😬.
මට එයත් එක්ක කතා කරන්න ඕනෙ මගෙ දෙයියො☹️

වාවනු බැරි තැන රහසේ හැඬුවා 😭



ඉස්කෝලෙ 11 වසර ඉවර වෙන්න ළග නිසා ගොඩක් කෙල්ලො ඉස්කෝලෙට auto book උස්සං එනවා.
මමත් දෙක තුනකම ලියලා දැම්මා.

ඔන්න එතකොට තම මට ටොපේ ටොප් අයිඩියාව පහල උනේ.

ඔව්. මම ජන්කුක් ට auto book එකක් දෙනවා ලියන්න කියලා🙈

එයා ලියයි. මම ඉතින් එයාගෙ සදාදරණීය ගං කබරයා නේ.

ඔබටයි මගෙ දෙනෙත
ඔබටයි මගෙ දෙඅත
ඔබ තුරුලෙ මිය යමී මෙමා

මම ඕක ජින්ට කිව්වම ඌත් හා කිව්වා.

මමත් ඉස්කෝලෙ ඇරිලා යන ගමන් ජින් එක්ක ගිහින් ගත්තා auto book එකක්.
එතකොට තමා ජින් මගෙ අයිඩියාව කොපි කරලා එයත් එකක් ගත්තේ.

ඔව්. ඌත් දෙනවා කිව්වා auto එක නම්ජුන්ට.

කොහොමද අපේ ගැම්ම.

ඉස්කෝලෙම ප්‍රසිද්ධ ජියොන් ජන්කුක් ටේහ්‍යුන්ගෙ ඔටෝ එකේ ලිව්වා කියන්නෙ එසේ මෙසේ දෙයක්ද?

මමත් auto එක උස්සන් ඇවිත් ජින්ටයි, ජිමින්ටයි හොබියා ටයි  දීලා ලියා ගත්තෙ එක පාරට ම දෙන එක හරි නැති නිසා

ජන්කුක් ට දෙන්න කියලා හිත හිත අරුන් ලියලා තියන ඒවා බලද්දී තමා මට සතරවරම් දෙවිවරු සිහි උනේ.

උන් මං ගැන වඩා ලියලා තියෙන්නෙ ජන්කුක් ගැන.

කමක් නෑ. මූ ඕක දන්න එකනෙ. මත් උඩින් පල්ලෙන් කියවලා ෂේප් එකේ ඔටෝ එක යුන්ගියා අතට දුන්න.

යුන්ගියා හොඳ එකා. ජිනුයි මායි එක්ක ෆිට්.

අපි දෙන්නා ඉතින් ඔටෝ එක දීලා දැම්මා ට අපි දෙන්නට ෂුවර් එකක් තිබුනෙත් නෑ. ඒක නිසා අරුන් දෙන්නට කිව්වෙත් නැතිව දුන්නෙ.

Auto එක ආපහු හෙට දෙන්නම් කියලා යුන්ගිත් ඉල්ලා ගත්තා.

පහුවදා ඉස්කෝලේ ගියාම තමා ජිමින් ලාට අපි දෙන්නා කරපු වීර ක්‍රියාව ගැන කිව්වෙ😬

High School Romance | TK ✓Where stories live. Discover now