13. පස්ස

2.1K 513 238
                                    

"මතකයි එදා පෑ සිනා... ප්‍රේම වන්තියේ........😍"
ජන්කුක් දිහා බලාගෙන මගෙ හිතේ ඇවිලෙන ප්‍රේමාගින්න මම වචනවලට පෙරලුවා.

"වහපන් ඔය ටකරම"
ජිමිනා හැමදාම වගෙ මගෙ පරම පිවිතුරු ආත්මීය ආදරයට බාධා කලා.

මමත් සැලුනෙ නෑ...
ජන්කුක් දිහා බලාගෙනම හිටියා. ඒක ඩබල් free period.

මෙන්න මූත් මගෙ දිහා බැලුවා.... බලාගෙන ඉන්නවා.....😃

ඔබ ඇස් පිය නොහෙළා බැලුවා
ඔබ ඇස් පිය නොහෙළා බැලුවා
ඔබ ඇස් පිය නොහෙළා බැලුවා
ඔය දෑසෙ ආහාහා.......

ජන්කුක් බලාගෙනම ඉන්නවා.

මොකත කරන්නෙ.....

මම යන්තම් හිනා උනා. මූ බලාගෙනම ඉන්නවා.

"අඩෝ ටේ මේ ගාණ හදලා දීපිය"
හොබියා කතා කරනවා.

මට මොකත. ගාණ වගේද මගෙ ජන්කුක්!!!

"බල්ලෝ..... මේක හදලා දීපිය ආත්මාර්ථකාමී ජඩයා.......😖"

මට මොකෝ... මෙතන මේකා අතීසාරය හැදිලා මලත් මම නම් බලන්නෑ...

"බල්ලෝ...."
මෙන්න මේකා මගෙ සියුමැලි කම්මුලට පොල් උලකින් ඇන්නා.

"අම්මෝ... @(රු(#01@@@${₹}^¶}~}}°}€£∆"

මට සෙනසුරුගෙ චක්‍රාවාටෙත් පෙනුනා.

ඒ එක්කම මට ටිකිරි සිනා පපා හිටපු ජන්කුක් ත් අහක බලා ගත්තා.😭

අම්මපා.... මේ වගෙ ලව් සීන් වලට බාල්දි පෙරලන උන් තමා ඊළග ආත්මෙ ලැට් බාල්දි වෙලා ඉපදෙන්නෙ

"මොකට හු@#???"

"මොනවද ඔබ කියන අසභ්‍ය කතා සොදුර... මෙන්න මේ ගාණ හදලා දෙන්න හොද කොල්ලා වගෙ"
මෙන්න මූ කියනවා

මුගෙ ආච්චි ට හාල් ගරන්න.
තව මූ වචනයක් හරි කිව්වා නම් සිංහල භාෂාවට අලුතෙන් වචන ටිකක් එකතු කරනවා.

පැය කාලක් විතර ගියා

"ඕයි චූ කරන්න යමුකො"
මෙන්න යුන්ගියා පන්තියටම ඇහෙන්න කෑ ගැහුවා.

"හා යමු"
ජන්කුක් එක පයින්ම නැගිට්ටාම නම්ජුනුත් ඌත් එක්ක ගියා

මූ ගියාම මම මොකද කරන්නෙ? ☹️

"ඕයි ජින්. අපිත් යමුද?"
මම ඇස් දෙකෙන් පෙන්නලා ඇහුවම ජිනුත් කරන්ට් වැදිච්ච හාල් මැස්සා වගෙ නැගිට්ට

High School Romance | TK ✓Where stories live. Discover now