ශිල්‍යා නොයිවසිල්ලෙන් සිය කුටිය වටා එහා මෙහා ඇවිද ගියාය...කාලන් මුහුණත් හකුලුවා ගනිමින් දැන් බොහෝ වේලාවක සිට මේ විකාරය දෙස බලා සිටියේය....අවසන ඉවසිය නොහැකි තැන හේ අසල තිබූ පිහාටු පිරවූ කුඩා නිර්මාණයෙන් ඈ හට දමා ගැසුවේ...එයින් ඇගේ සක්මනට භාදා පැමිනෙන විට...
"කුමක්ද අයියණ්ඩි?"
ශිල්‍යා කෝපයෙන් කෑගැසුවාය...
"එය මායි ඇසිය යුතු...සූර්ය කුමරිය නොවෙද තමුන්...කුමරියකට ඔබින සේ හැසිරෙනු"
"හහ්..මා සූර්ය කුමරිය නිසා තමයි...ඔහුව අර සුනකයාගෙන් රැගන්නට තනන්නේ ...."
ශිල්‍යා පෙරටත් වඩා කෝපයෙන් කෑගසන විට කාලන් අනෙක් පස බලාගත්තේය....
"දැන් කොහිද ඔබේ මහ ලොකු දෙව්දාර්"
කාලන් සිය වම් පාදය මත දකුණු පාදය තබමින් සයනයේ හරිබරි ගැසුනු අතට ශිල්‍යා විගසින් ඔහු අසල අසුන් ගත්තාය...
"එය තමයි මා අසන්නේ...ඔහු නැහැ......මෙතරම් සැපසම්පත් තිබියදී ඔහුට සිටීමට අවශ්‍ය යැයි කියූ වසුරු කුටියේ ඔහු නැහැ...."
"කොහිද ගොස් ඇත්තේ"
"මා කෙසේද දන්නේ....මෑතකදී සිට තමුන්ගෙ අනුකම්පාවට ලක් වෙන අර සුනකයත් නොමැතියි"
ශිල්‍යා මුව ඇදකර පවසන විට කාලන් කෑගැසුවේය....
"කුමක්ද පවසන්නේ...ඔහුත් නොමැතියි?"
"ඔහු පමනක් නොව....අර සමුද්‍රත් පෙරදින රාත්‍රියේ සිට නැහැ"
එවර කෝප ගත්තේ කාලනුයි.....එක්වරම ද්වාරය වෙත තට්ටු කිරීමක් ඇසුනු හෙයින් ශිල්යා නොයිවසිල්ලෙන් ගොස් ද්වාරය විවර කලාය....
"කොහිද ඔහු..තොරතුරක් ලැබුනාද?"
ශිල්‍යා උනන්දුවෙන් අසන විට කාලන්ද එදෙසට හිස යොමා බැලුවේ...ඒ තම සොහොයුරියගේ ඔත්තු කරුවෙකු බව හදුනන නිසාවෙන්ය....
"එතුමන් සිටිනවා කුමරියනි...නමුත් එතුමන් සමග තවත් සතර දෙනෙකු සිටිනවා.."
"කුමක් කොහිද?"
දෙව්දාර් යනු කෙසේවත්ම මිත්‍රශීලී අයෙකු නොවන වග දැනුවත් කාලන් හා ශිල්‍යා දෙදෙනාම එක්වර කෑගැසූහ...
ESTÀS LLEGINT
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Novel·la històrica"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...