"ම්හම්හ්"
දෙව්දාර් අණ කල ලෙසටම අහරපැස හිස්වීමටම කාදැමූ දස්කාල් මදක් හාන්සි වූවද විඩාව හේතුවෙන් ඔහු කරා හැකි ඉක්මනින්ම නින්දපැමිනුනා
අවසනදී සිතට සන්තෝසයක් නොවූවත් ගතෙහි වෙහෙස නිසා බොහෝ වේලා සැතපී සිටි දස්කාල් අවසනදී නැගී සිටියා...
"අහ්....හයෙහි හෝරාවත් ඇරඹීද...මා බොහෝ වේලා සැතපී ඇති හැඩයි..පවුරු පෙරලා පැමිනියාද නොදනී"
දෙව්දාර්ව සෙවූවද ඔහු නොසිටි හෙයින් දස්කාල් වටහාගත්තා තවමත් ඔහු නොපැමිනි වග
"හහ්..දුෂ්ට පවුරු...මා මෙතන තනිකර දමා ගොස්...තවම පැමිනිලා නැහැ....මමයි වැඩිමල් නමුත් අණ දෙන්නේ ඔහු...ඊඊඊඊ...උඩගු බාලකයා...
කුටියෙන් පිටවීම තහනම් කල හෙයින් පිටවෙන්නත් බැහැ"තනිවම කතාකල දස්කාල් ද්වාරය වෙත මදවේලාවක් බලා හිද ඒ දෙසට ඇවිද ගියා...
"මා මකර සෙන්පතිනෙ කුමට.මේ බාලකයෙකුට බියවන්නද..හහ්..මා බිය නෑ..."
ද්වාරය විවර කරන්නට සැරසුනද දස්කාල් මදක් පසු බෑවා...
"නමුත් පිටවෙන්න එපා යැයි පැවසුවානෙ...මා බියනම් නෑ....නමුත් ඉදින්...කුමක් වුවත් බාලයාට අදහසට ගරු කල යුතුයිනෙ හුම්...පිටවෙන්නෑ ඉතිම්"
මුග්ධ ලෙසින් සිනහවුනු දස්කාල් නැවත හැරී විත් සයනය මතින් හිද දෑත් එකිනෙක පටලවා ගනිමින් කල්පනා කලා...
සවස හයේ හෝරාව අවසාන ව්න්නටද සුලු මොහොතක් තිබියදී දස්කාල් නැගී සිටියා..
"මා යායුතුයි..දේව් පැමිනුනෙත් නැහැ...මාගේ දණ්ඩනයටද වේලාව ආසන්නයි...සමුද්‍ර හා භාති කොයිබද නොදනී..මා යායුතුමයි...කුමක් හෝ උවදුරක්ද..කිමද මට මෙලෙසින් දැනෙන්නේ....කමාකරන්න පවුරූ....මේ මොහොතේ ඔබේ ආඤ්‍ඥාව කඩකරනවා මා..."
එලෙස තමාටම කියූ දස්කාල් ද්වාරය හැර කුටියෙන් පිටතට පැමිනුනේ දෙව්දාර් දැමූ තහනම කඩකරමින්...
මාලිගය දෙසට ඉක්මනින් ඇවිද ගියද එහි තත්වය සාමාන්‍ය ලෙසින්ම සාමකාමීව පැවතිය හෙයින් දස්කාල්ගෙ සිතෙහි පැවති බිය මදක් පහව ගොස් තිබුනා
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...