__°95°__

428 90 55
                                    


භාති නොමැතිව දින ගෙවී ගියේය..දින ගෙවී ගොස් සති ආරම්භ වුනි...සති ගෙවී ගොස් මාසයන් ආරම්භ වුනි...මාසයන් ගෙවී ගොස් වර්ෂයන් ආරම්භ වුනි...

අවසන් සංග්‍රාමයෙන් වර්ෂයකුත් හමාරකුත් ගෙවී ගියේය...

සංග්‍රාමයෙන් කැඩී බිදීගිය දෑ නැවත පිළිසකර කෙරිනි..

රාජ්‍යන් ද්විත්වයම එක් කොට එක් රාජ්‍යක් වශයෙන් පුලුල්ව ව්‍යාප්ත වුනි..

නමුදු ඔවුන්ගේ හෘදයන් තවමත් හිස්‍ ය...

භාති හටම පමණක් පිරවිය හැකි හිස්තැන් මගින් ඔවුන්ගේ හෘදය තවමත් හිස්ය..

මේ ගෙවී ගිය වසරකුත් හමාරකුත් දිනයන්හිදී භාතිව හා ශියාව මතකයට නොනැගුනු එකම දිනයක් හෝ නොවීය...

භාති නොමැතිව උමතු වූ ඔහුගේ ශත්‍රා පාලනය කිරීම රාජකීය අස්වපල්ලන් හටවත් නොහැකි වුනි...

නොකා නොබී ඔහේ වැතිරසිටි ශත්‍රා මදක් හෝ පාලනය වූයේ දෙව්දාර්ගේ,දස්කාල්ගේ හෝ සමුද්‍රගේ ස්පර්ශයකට පමණකි...

සෑම තැනකම භාතිගේ මතකයන් රැදී තිබුනි...

සමුද්‍ර හා දෙව්දාර් කෙසේ හෝ දරාගත්තද දස්කාල් හටනම් භාතිගේ වෙන්වයාම දරාගත නොහැකි විය..

අවධි වූ විට අවුල්ව ගිය ඇද ඇතිරිලි දකිනා විට බැනවදිමින් ඒවා සකසන භාතිව මතකයට නැගීම නවතාගැනීමට නොහැකි කල සයනයේ නිදාගැනීම ප්‍රතික්ෂේප කල දස්කාල්ව දෙව්දාර් මුලු රෑ පුරාම තම දෑත් අතර තබා ගත්තේය...

ආහාර ප්‍රතික්ෂේප කරමින් භාතිව පමණක් ඉල්ලන ශත්‍රා දකිනවිට භාතිව මතකයට නැගීම නවතාගත නොහැකිව රාජකීය අස්හලට ගොස් ශත්‍රාව දැකීම දස්කාල් ප්‍රතික්ෂේප කල නිසා දෙව්දාර් හා සමුද්‍ර සෑම දිනකම තනිවම ගොස් ශත්‍රාගේ සුව දුක් විමසා බැලීය...

සූකර මාංශ සූපය දකිනා විට භාතිව මතකයට නැගීම දරාගත නොහැකිව වසරකුත් හමාරකුත් තිස්සේ දෙව්දාර් හා සමුද්‍ර දස්කාල්ගේ සූකර මාංශ තහනම් බෝජන රටාව අනුගමනය කලහ...

එකම මේසය වටා හිදගත් කල ශියාගේ සුන්දර සිනහවත් භාතිගේ මුග්ධ විහිලුත් මතකයට නැගීම දරාගත නොහැකිව දස්කාල් එක්ව ආහාර ගැනීම ප්‍රතික්ෂේප කලේය...කොහේට හෝ ගොස් තනිව හිදගෙන බත් පත ඇණීම පමණක් සිදු කලේය...දෙව්දාර්ගේ ස්නේහවන්ත බැල්ම දරාගත නොහැකිව ඔහු කවනා බත් පිඩට පමණක් මුව හැරියේය...

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now