__°05°__

896 200 66
                                    

..........."හේයි...මේ අහන්න...මා එනතෙක් සිටින්න........ඔහොම ඉන්නකෝ....බාලකයා....ඔහොම ඉන්න...."
.
.
.
.
.
.
.
.දස්කාල් හැකි ඉක්මනින් පවුරන්ද පසුපස දිවගියද අවසන දස්කාල් හට පවුරන්ද නවතාගතහැකි වුනේ ඔහුගේ කුටිය අසලින්....නොවේ තවම ඔහුට පවුරන්දව නවතාගතනොහැකි වුනා.දස්කාල් තවමත් ඈතින්...පවුරන්ද දස්කාල්ව මගහැර කුටියේ දොර විවරකරන්න සූදානම් වුනා...

"හහ්...මේ තරුණයානම්....එය මගේ කුටියයි....නමුත් ඔහු ඇවිදයන්නේ හරියට මාව ඔහුගේ කුටියටරැගෙන යන ලෙසටනෙ"

තම මුහුණත් එහෙ මෙහෙ හරවමින් මිමිණූ දස්කාල් එකවර යමක් මතක් වී කෙලින් වුනේ...හිසටත් පහරක් ගසාගනිමින්...

"අයියෝ...ඔබ ඔය කාර්‍ය නම් සිදුකරන්න එපා..මේ අහන්න...ද්වාරය විවරකරන්න එපා...මම කියන දෙය අහන්නකෝ....ඔබ එය සිදුකලොත් පසුතැවෙන්න සිදුවෙවි....අහන්නකෝ"

දස්කාල් මේ කෑගහන්නේ ඔහුගේ කුටිය ඉදිරිපිට සිට ද්වාරය විවර කරන්නට සැරසෙන පවුරන්ද හට...එනමුදු දස්කාල් ප්‍රමාද වැඩියි...ඒ වනවිටත් පවුරන්ද ද්වාරය විවර කර අවසන්.....

"පවුරු....ප්‍රවේසමෙන්..."

දස්කාල් එක්වරම කෑගැසුවා....ඒ හඩට පවුරන්ද දස්කාල් දෙස හැරී බැලුවේ ද්වාරයට අතත් තබාගෙන...එකෙනෙහිම කුටිය දෙසින් වේගයෙන් ආ හීයක් පවුරන්ද දෙසට පැමිණියා....මධ්‍යම රාත්‍රිය ට ආසන්න වූ නිසා හාත්පසම තිබුනේ ඝණ අදුරක්....කුටියද අන්ධකාරයෙන් ගිලී පැවතුනේ දීපයක් දල්වා නොමැති හෙයින්.........

හීයෙහි තියුණු ශබ්දයට ක්ෂණිකව හැරුණු පවුරන්ද තම අතින් වේගයෙන් පැමිණි හීය අල්ලා ගත්තේ දස්කාල් පපුවට අතක් තබාගෙන සැනසුම් හුස්මක් පහළ දමනවිට....

ඊ තලයත් අතින් අල්ලාගෙන හෙමිහිට පවුරන්ද තමා  වෙත හැරෙනු දුටු දස්කාල් ක්ෂණිකව තම හිස පහත්කරගත්තා...ඔවුන් දෙදෙනා හමුවන සැම විටම දස්කාල් හට ඇබැද්දියක් සිදුවන්නෙ මන්දැයිඔහු තවමත් සිතනවා...පෙරදා රැයෙහි කිසිවෙකු තම කුටියෙහි රැය ගතකර ඇති බව සොයාගත් දස්කාල් කොතරම් නම් කල්පනා කලත් ඒ කවුරුන්දැයි සොයාගතනොහැකි වුනා....කාලන් කුමරු අදත් තමාව කුටියෙන් පන්නා දමා වෙනත් කිසිවෙක් කුටියෙහි නවතාවියැයි සිතූ දස්කාල් තමන්ගේ බඩු භාණ්ඩ එහා මෙහා කිරීමේ කෝපයෙන් උගුලක් ඇටෙව්වේ අද රැයෙහි කවුරුන් පැමිණියත් ද්වාරය විවර කල විටම හීයක් වැදෙන ලෙසට....නමුදු ඒ මේ කුඩා තරුණයා බව දස්කාල් සිහිනෙන්වත් සිතුවේ නැහැ...ඒ නිසාත් මෙතෙක් වෙලා කුටියෙන් පිටත සිටි නිසාත් දස්කාල් හට උගුල අයින් කිරීමට අමතක වුනා....

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now