දෙව්දාර් ස්නාන කුටියේ ද්වාරය අසල සිටිමින් එය මදක් විවර කර දස්කාල්ගේ කාල පැහැ වස්ත්‍රයන් එහි ඇතුලට දිගු කලේය...
කුමක් වූවත්...දෙව්දාර් ස්නාන කුටිය තුලට නොපිවිසියේය...කිමද යත් සිය කාලගේ හැගීම් ගැන ඔහු තරම් දැනුවත් අයෙකු තවත් නම් සිටියේ නැත...
මේ මොහොතෙහි ඇතුලට පිවිස ඔහුව ලැජ්ජාවට පත් කිරීමට දෙව්දාර් හට අවැසි නොවීය...ඔහු මුලු හෘදයෙන්ම ආලය කරනවානම් ඒ තමාට වග දන්නා වුවත් ඔහුගේ මේ කුඩා ලැජ්ජාශීලි වග තවම පහව නොගොස් ඇති වගද හේ මනා සේ දැනුවත් විය...
දෙව්දාර් නැවත ගොස් සිය කුටියේ ද්වාරය අගුලු ලෑවේය...විගසින් මේ කුමරුන්ගේ හා කුමරියගේ කරදරය සමාප්ත කල යුතුය..ඒ පිළිබඳ සමුද්‍ර හා අලුයම සාකච්චා කිරීමට ඉටා ගත් දෙව්දාර් සිය පාවහන් ගලවා පසෙක තැබුවේය...
"නොදැන වුවත් කාල් කල දේ නම් අගනේයි...එය ඇසුනානෙ ඔවුන්ට...එවිටවත් ඒ මුග්ධයට වැටහෙන්නට ඇති..ඔහු මගේ බව"
දෙව්දාර් ඓතින් කාලන් හට බැනවදින විටම ස්නාන කුටියෙන් පිටතට දස්කාල් පැමිණියේය....
නව වස්ත්‍ර හැද සිටියද තවමත් සිරුරේ වූ ජල බිදු හේතුවෙන් සිරුරටම ඇලී ගොස් තිබූ දස්කාල්ගේ වස්ත්‍රය මතින්....ඔහුගේ සිරුරේ හැඩය දෙව්දාර් වෙත මනා ලෙස දර්ශණය වූවේය...
ලලනෝප ලක්ෂණ නොපිහිටියා වුවත්...දස්කාල්ගේ සිරුරට අන් ලදකගේ නාරී දේහයක් සමකිරීම කල නොහැක්කක් වග දෙව්දා දත්තේය...
තවමත් හටිහැටි වියලා නොගත් කේෂය මතින් රූටා වැටෙන මාණික්‍යන් බදු වූ ජල බිදු එකක් දෙකක් ගෙල මතින් බේරී විත් කාල පැහැ වස්ත්‍රයට සැඟවුනු සුදෝ සුදුවන් පපුව අතර සැගවෙනු දෙව්දාර් ආශාවෙන් බලා සිටියේය...
මෙලෙස දස්කාල් තමා ඉදිරියේ සිටිනා විට....ඔහු හුදෙක් අන්කිසිවෙකුගේ නොව තමාගේම වග දෙව්දාර්ගේ හෘදයට නිතර දැනෙන්නක් විය...
එකදු ශබ්දයක් නොනැගෙන කුටියේ දෙව්දාර් හා දස්කාල් එකිනෙකාගේ දෑස් දෙස බලා සිටි මොහොතක....සුදෝ සුදුවන් පපුව මගහැර...උරපතෙහි සිට කෙලින්ම බිමට වැටුනා වූ ජල බිදක චහ්ඃ ශබ්දයෙන් දෙව්දාර් මනෝ ලොවෙන් මිදුනේය....
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...