"දෙව්දාර්...කවුරුන් විය හැකිද ඒ"
"නොදනී"
අන් වේලාවන්හිදි කොතරම්නම් පවුරු යැයි කියමින් කෑගැසුවත් බැරෑරුම් මොහොතකදී දස්කාල්ගේ මුවෙන් නිතැතින්ම දෙව්දාර් ලෙසින් පිටවුනා....
ඒත් සමගම දෑස් පියාගත් දස්කාල් හොදින් ඇහුම්කන් දුන්නද එක්වරම දෑස් විවරකල ඔහු දෙව්දාර්ගේ දෑතින් අල්වා පිටතට යාමට සැරසුනු දෙව්දාර්ව නැවතුවා...
"කිමද"
"දෙව්දාර් එතැන්හි සිටින්නේ කවුරුන් වුවත් ද්විත්වයකට වඩා සිටිනවා"
දස්කාල් හැකි තරම් ශබ්දය බාල කර පවසන විට දෙව්දාර්ගේ දෑස් හීන් වූවා
"කෙසේද පවසන්නේ"
"අසන්න...දෑස් පියාගෙන හොදින් ඇහුම්කන් දෙන්න...ඇසෙනවද ශාක පත්‍රයන් මතින් පයතබන විටදී ඇසෙන චරස්ඃ ශබ්දය ද්විත්වයකට බෙදෙන අයුරු...එසේ වන්නේ එක්වර දෙදෙනෙකු එකට පා තැබුවද එකෙකු මදක් පසුබෑ විටයි....ඉදින් මා අනුමාන කරනවා....අඩුම තරමින් දස දෙනෙකුවත් කුටිය වටකර ඇති බැව්..."
සැබැවින්ම දස්කාල්ගේ අනුමානය නිවැරදියැයි දෙව්දාර් හටත් හැගි ගියේ හොදින් ඇහුම්කන් දුන් විටයි...පිටත සිටින්නන් කවුරුන් වුවද එතැන්හි දෙදෙනෙකුට වඩා සිටින බව ප්‍රත්‍යක්ෂ වූයේ දස්කාල් පැවසූ විටයි...
"එක්වර පහර දී සියල්ලන් මරාදමමු"
"අප කල්පනාකාරී විය යුතුයි"
"කුමකටද..ඔවුන් එතැන පනහකට අධිකයෙන් සිටියද සියල්ලන්ම මරා දැමිය හැකීයි...ඔබට නොහැකියිනම් සිටින්න..."
දෙව්දාර් පහත් හඩින් වුවද කෝපයෙන් කෑගැසූ විට දස්කාල් සිනහසුනේ දෙව්දාර් තමා ඔහුව පහත් කලායැයි සිතූ හෙයින්
"දෙව්දාර්..මා එය නොවෙයි කීවේ..මට ඔබේ හැකියාවන් මත එකදු අවිශ්වාසයක් නොමැතියි... එය සක්සුදක් සේ පැහැදිලියි..ඔබට පිටත සිටින්නවුන් කවුරුන් වුව සියල්ලන්ම මරා දැමිය හැකි බව...ඒ වුව මා පවසන්නේ මෙයයි....මේ ආක්‍රමනය ඔබ වෙතයි දෙව්දාර්"
ඒ වූ අවසන් වදන් දස්කාල් පහත් හඩින් වුවද මදක් ගැඹුරින් කී විට දෙව්දාර් දෑත් මිට මෙලෙව්වා..
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...