__°79°__

469 110 75
                                    

තීරණාත්මක සටනින් අසාධ්‍ය වූවන්ට ප්‍රතිකාර කිරීම උදෙසා සූර්‍ය රාජ්‍යයේ වෙදදුරන් ප්‍රමාණවත් නොවුනු බව හැගුන හෙයින් චන්ද්‍ර රාජ්‍යයෙන් පවා වෙදදුරන් කැදවනු ලැබීය..

ප්‍රපාතයට පැනි අසුර සෙන්පති සොයා මෙහෙයුම් තවමත් නොකඩවා පැවති අතර ඒ සියල්ල හුදෙක් නිශ්පල ක්‍රියාවන් පමණක්ම වන බව දැනසිටි සමුද්‍ර හා දෙව්දාර් ඒ කිසිදු කටයුත්තකට මැදිහත් නොවීමට වග බලාගත්තහ..කෙසේ වෙතත් මධ්‍යහන සිදුවූ මෙම සන්ග්‍රාමය අතර තුර සිදුවුනු දෑ හුදෙක් එකෙකුහට දෙදෙනකු හට පමණක් නොව මුලු සූර්‍ය චන්ද්‍ර රාජ්‍යන් ද්විත්වයටම එල්ල වුනු දරුණු කම්පනයක් විය..

සූර්‍ය රාජ්‍යයේ අස්හලේ තරුණයා ..මුලු රාජ්‍යයේම මිනිසුන් පහත්කොට සැලකූ තරුණයා ..කිසිවකුගේම අවධානයට ලක් නොවූ එකී තරුණයා මුලු රාජ්‍යන් ද්විත්වයම කම්පනයට පාත්‍ර කරමින් මකර සෙන්පති බව හෙලි වීමත් සමග මිනිසුන් ඇවිස්සී සිටියහ..

මේ සියල්ල අතර සූර්‍ය පමණක් නොව චන්ද්‍ර සෙබලුන් හටද බොහෝ හානි පැමිණවී තිබුනු අතර සමුද්‍රගේ හා දෙව්දාර්ගේ ආගමනය හේතුවෙන් සාමාන්‍ය ජනතාව හට නම් සිදුව තිබූ ශරීර හානි ඉතා අල්ප විය..සේනාවන් හට කොතරම් නම් හානි සිදු වුවද සෑම සෙබලෙක්ම පාහේ රාජ්‍යයේ අසරණව සිටි සාමාන්‍ය ජනයා බේරා ගැනුමට තම දිවි පරදුවට තමා සටන් කල බව සත්‍යය..

කෙසේ වුවත් සටනේ ප්‍රධාන සාමාජිකයන් වූ කණ්ටක රජුන්,කාලන් කුමරු,මේඝ කුමරු,දෙව්දාර්,සමුද්‍ර,දස්කාල් හා භාති අතරින් රජුන් හටත් මේඝ හටත් දරුණු අසිපත් ප්‍රහාර එල්ල වී තිබුනි..ඔවුන් උදෙසා රාජකීය වෛද්‍යවරුන් කැදවා තිබුනි..

සූර්‍ය මාලිගයටත් බොහෝ හානි සිදුවී තිබුනු අතර මෙය අසුරගේ අවසානය නොවන බව දැන සිටි සැවොම අවසන් සටන මෙය නොවන බව දැනසිටි අතර මාලිගාවේ හානි ප්‍රතිසංස්කරණය කිරීම නිශ්පල ක්‍රියාවක් බව දැන සිටියහ

රාජකීය වෛද්‍ය කුටියෙහි සයනයක කණ්ටක රජුන් සැතපී සිටි අතර ඔහු අසලම තවත් සයනයක මේඝ කුමරුද සැතපී සිටියේය..මේඝගේ තත්වය තරමක් දරුණු අතට හැරෙමින් තිබුනු හෙයින්ම ප්‍රධාන වෙදදුරුගේ අණින් ඔහු හට ලබා දුන් ඖෂධ හේතුවෙන් හේ සිහිසුන්ව සිටියේය..කාලන් හටද අසිපත් පහර කිහිපයක්ම වැදී තිබුනද ඒවා දරුණු පහරවක් නොවූ බැවින් හෙතෙන තම පියාණන් අසල රැදී සිටි නමුදු දස්කාල්,සමුද්‍ර හා දෙව්දාර් මුලු සූර්‍ය නගරය වටාම එක්වරක් සංචාරය කරමින් ජනතාවගේ සුවදුක් සොයා බැලූයේ ඔවුන්ගේ තුවාල පවා නොසලකා හරිමිනි..කෙසේ වුවත් දස් කල් හට ඇසුර  සෙන්පති ගෙන් එල්ල වුණු අසිපත් පහරින් දරුණු බව තවමත් එයින් ගලා හැලෙන රුධිරයෙන් මනාව පෙන්නුම් කෙරිණි..

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now