"රුද්‍රා...මගේ රුද්‍රා නුඹට වෙහෙසද ම්ම්...කෝ නුඹේ හේෂාවරය....අප නවතිමු රුද්‍රා...නුඹට දැන් වෙහෙසයි...මා ඔසවා ගෙන අද නුඹ ගව් ගානක් ගමන් කලා...අප නවතිමු.මට නොහැකියි මගේ මිතුරා තවත් වෙහෙසට පත්කරන්න.."අරුණෝදයේ සිට සැතපුම් සියගනනක් දස්කාල් පිට මත තබා ගෙන පවනට බදුවේගයෙන් දිවගිය වෙහෙසට පත් අශ්වයා හට දස්කාල් සෙනෙහෙබර හඩින් කතාකලේය...නමුදු රුද්‍රා නොනැවතුනේ..තමා මේ මොහොතේ නැවතුනහොත් රාජ්‍ය වෙත ගිය මොහොතේ පටන් දස්කාල් හට සිදුවන්ට යන කරදර ගැන වැටහීමක් ඇති ලෙසින්
"රුද්‍රා..නවතින්න..නුඹට බොහෝ වෙහෙසයි...නුඹ සිතන්නේ අර උඩගු සූර්‍යා ගැනද....සිතිය යුතු නෑ..මා ඔහුට කොහෙත්ම බිය නැහැ.....නවතිනු රුද්‍රා....නුඹට වෙහෙස නිසා අනතුරක් වෙනවා දකින්නට මා අකමැතියි"
වෙනත් අස්වයෙකුට නම් මෙතරම් ගව්ගනනක සංචාරයකින් පසු මෙසේ සිටිය නොහැකියි..නමුත් මේ රුද්‍රායි....දස්කාල්ගේ ජවසම්පන්න අස්වයා.ධවල පැහැගත් අශ්වයෙක් ඒ...පාලනය අතිශයෙන්ම අපහසුයි...දස්කාල්ට පමණක් පාලනය වන මොහු දස්කාල් සතු වටිනාම සම්පතක්...පවනට බදු වේගයක් ඇති මොහු රාජ්‍ය වටා පතල වූ දෙව්දාර්ගේ අස්වයා පරදන්නට වේගයක් ඇති බවයි දස්කාල්ගේ විස්වාසය...දස්කාල්ට අමතරව තරමක් හෝ කීකරු වන්නෙ දස්කාල්ගේ මිතුරා භාතිට පමණයි.. ..තම ස්වාමියාගේ නියෝගයෙන් අනතුරුව අවසන ඒ වෙහෙසට පත් ජවසම්පන්න තුරගා නැවතුනේ අලංකාර වූ ගංගාවක් අසබඩ....අස්වයාගේ පිට මතින් බිමට බට දස්කාල් රුද්‍රාවද කැටුව ගං ඉවුර අසලට ඇවිද ගියේය...
"රුද්‍රා...පානය කරන්න...නැවුම් ජලය ඔබට ශක්තිය ගෙනදේවි...."
රුද්‍රාට ජලය පානයට ඉඩදී තරමක් ඉදිරියට ගිය දස්කාල් අස්වයාට පිටුපා සිටියේ ගංගාව දෙසට මුහුනලාය.....එක්වරම ගං ඉවුරේ සිටි දස්කාල් විසිවී ගොස් ගංගාවට වැටුනේ රුද්‍රා හේෂාවරය කරද්දීය.........ජලයෙන් පෙගුනු වස්ත්‍ර වලින් තම අස්වයා දෙසට හැරි දස්කාල් තම ඉනට දෑත් බැද කතාකලේ සිනහවෙමින්
"රුද්‍රා...ඔබ බොහොම වැඩියි..තම ස්වාමියාව එසේ ජලයට තල්ලු කරනවාද..නුඹ සිටින්නකො මා නුඹට.........."
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historisk fiksjon"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...