අලුයම වන තෙක්ම දස්කාල්,දෙව්දාර්,සමුද්‍ර,භාති තිදෙනා ගෙපැලෙන් පිටතට විත් කතිකා කරමින් සිටියෝය...
ගෙපැල තුලට විත් නිදන්නට අවසර හිමිවුවද....සොහොයුරිය වුව ඈද එක් ලදක්මය....ඇගේ නාමයට කැලැලක් ඇති කිරීමට සොහොයුරන් වූ ඔවුන්ට කිසිමදාක නොහැකිය..ඉදින් ඔවුන් සියල්ල පිටතට විත් කතිකා කරමින් සිටියද හිරු නැගෙද්දී ඒ ඒ සිටි තැන්හිම වැටී නිදා තිබුනි...
කෙසේවුවත් මුවින් නොකීවද දස්කාල්ගේ කෝපයනම් පහව ගොස් ඇති වග..තව තවත් තමා තුලට ගුලිවන දස් වටා තිබූ ග්‍රහනය තවත් තදකරමින් දෙව්දාර් සිතුවේය...
.
.
.
.
.පෙරදා රැයෙහි එක්වරම දෙව්දාර් ගැස්සී ගියේ යමෙක් තම ඇකය වෙත පැන්න නිසාය...තිගැස්සී අවදි වන විට දෙව්දාර් හට දෑස් හරින්නට ඉඩ නොතබාම ඔහුගේ දෑස් වැසූ අමුත්තා.. හැකි තරම් දෙව්දාර් හට තුරුලු වී තම දෑස් වසා ගත්තේය...
දෑස් වසාන සිටියද මේ සුපුරුදු රෝස සුගන්දය හදුනනා දෙව්දාර්...මේ සුගන්ධයේ දගකාර අයිතිකරුව තදකර වැලදගෙන දෑස් පියාගත්තේ....දස්කාල්ගේ මුවගට සුන්දර සිනහවක් නැගෙන විටය....
.
.
.
.
.බිත්තියට හේත්තු වී සිටි දෙව්දාර්ගේ ඇකය මත කුඩා වදුරු පැටවකු මෙන් හිදගනිමින් දෙකකුල් ඉනවටා පටලවා දෑතින්ම දෙව්දාර්ව තදකර වැලදගෙන දෙව්දාර්ගේ හෘද ස්පන්දනයට සවන් දෙමින් නිදන දස්කාල් දෙස දෙව්දාර් දැන් බොහෝ වේලාවක් සිට බලා සිටියේය...
කෙසේවුවත් දස්කාල්ගේ දෑගිලි උරනා පුරුද්ද නම් තවමත් පැවතුනි....දෙව්දාර්ගේ පපුව මත නිදාන සිටියාට දස්කාල්ගේ දකුණු අත නම් සුපුරුදු ලෙසින් මුවේ රුවා තිබුනි...
එයට මද සිනහවක් පෑ දෙව්දාර් දස්කාල්ගේ කේෂයන් මතින් දෑත් යැවූවේය...
"දනී මා ඔබ ආදරේ වග...නමුත් චන්දෲ මා කවුරුන්දැයි දැනගත් විට ඔය ආලය ඔය ලෙසින්ම තිබේවිද?ඔබෙන් සත්‍ය සැගවූවට ඔබ සමාව දේවිද?
දිනෙක ඔබ සත්‍ය දැනගත් විටත් මා හා මේ අයුරින්ම සිටී නම් මා මගේ ආලය ප්‍රකාශ කරන්නම් චන්දෲ....
දන්නවා ඔබ මා හට ආදරේවග පැවසූ විටත් එලෙසින් දමා ගියාම ඔබට බොහෝ වේදනා දෙන්නට ඇති...මා ද ඒ හා සමානව වේදනා වින්දා චන්දෲ..ඔබේ කදුලු අභියෙස එලෙසින් තනිකර දමා පැමිනියාට....
ESTÁS LEYENDO
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Ficción histórica"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...