__°04°__

995 212 57
                                    

පුදුමයෙන් ඇස් දල්වාගෙන ඔහු ඉදිරියේ සිටිනා පුද්ගලයා දැක....දස්කාල්ගේ දෑස් තිගැස්සී ගියේය.....

"ඒ ඔහුයි...ඒ....ඒ......ඔ...ඔහුයි...."

දස්කාල්ගේ හදවත වේගයෙන් ගැහෙද්දී ඔහු හෙමිහිට මිමිණුවේය...ඉදින් ඒ ඔහුයි....දස්කාල්හට පෙරදිනක මුණ ගැසුනු ආගන්තුකයා....පළමු හමුවීමෙදිම දස්කාල්ගැන වැරදි අවබෝධයක් ලබා ගත් ආගන්තුකයා.....දස්කාල්ගේ යටිහිතෙහි බලාපොරොත්තුවක් ලෙස පැනනැගුනු ආගන්තුකයා.....ඒ ඔහුයි....දස්කාල් හා ඔහු තවමත් එකිනෙකා දෙස පුදුමයෙන් දෑස් දලවාන් බලාසිටියහ....නමුදු එක් ක්ෂණයකින් දස්කාල් හට සිහියටනැගුනේ තමා සිටින ස්තානය....නැවත වතාවක් තමා ඔහු අභිසය සිටින්නේ නොමනා ලෙස වග දස්කාල් හට මොහොතකට වැටහුනි.....හෙමිහිට හිස එසවූ දස්කාල් තමා ඉදිරිපිට සිටින් ආගන්තුකයා දෙස නෙත් හෙලුවා...එකෙනෙහිම දස්කාල් බලාසිටියදීම තරුණයාගේ හරිතපැහැ නෙතු හෙමිහිට දස්කාල් මතින් ඈත්වී ගොඩනැගිල්ලේ නාම පුවරුව මතට දිවයනු දස්කාල් බලාසිටියා.....ඒ මොහොතෙහි තරුණයාගේ හරිත දෑසෙහි නැගුනු හැගීම් වටහාගන්න දස්කාල්ට හැකි නොවුනි...නමුත් ඒ ක්ෂණයයි....එක් ක්ෂණයකින් තරුණයාගේ මුව එකදු හැගීමක් නොමැති ලෙස වෙනස්වන අයුරු දස්කාල්ගේ විමසිලිමත් නේත්‍රයන් හට දැක්වුනි..

"තරුණයා.....පැමිණෙන්න.........අප අතරමග නැවතූ කාර්‍ය එසේ නවතා යා නොහැකියි ඔබට..........."

නමුත් එකෙනෙහිම අවන්හලෙන්හලෙන් පිටතට දුව ආ.....ලදුන් දස්කාල් වට කරගත්තේ දස්කාල්ව තිගැස්සී යනවිටදීය.........ඒ වූ සරාගී ලදුන් කතාකල දෑ තරුණයා වටහාගත්තේ වැරදි ලෙසට වග තරුණයාගේ මුවමත නැවතත් ක්ෂණයෙන් වෙනස් වූ හැගීම් මතින් දස්කාල් වටහාගත්තේය....දස්කාල්ට මේ මොහොතේ එය පැහැදිලි කිරීමට ඇවැසි වුවත් එය කිරීමට ඔහුට කල.නොහැකි වුනි....එකෙනෙහිම දස්කාල් දෙස මොහොතක් බලා සිටි තරුණයා.....දස්කාල් මත ඕනෑකමින් වෙළෙන ලදුන් දෙසට නෙත් යොමා නැවතත් දස්කාල්වෙත නෙත් හෙලුවේය.....ඒත් සමගම තරුණයාගේ මුව අග සමච්චල් සිනහවක් නැගුනි...

"එකඅතකට.....මෙවැනි කෙනෙකුගෙන් මෙවැනි දෙයක් බලාපොරොත්තු නොවී කුමක් බලාපොරොත්තු වන්නද"

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now