__°71°__

576 161 84
                                    

"අප ශියාව රැක ගත යුතුයි"

දෙව්දාර් එක්වරම පවසනා විට සියල්ලන්ම ඔහු දෙස බැලුවේය...

"නිසැකයෙන්ම අප ඇයව ප්‍රවේසම් කරගත යුතුයි..අසුරගෙන් මෙන්ම මේ කුටියට කුටි ද්විත්වයක් එහා පසින් සිටින අයවලුන්ගෙන්"

දස්කාල් පවසන විට භාතිගේ හා සමුද්‍රගේ දෙඅත් මෙලවී ගියේය..

"නිසැකයි..කුටියට ගිනි තැබුවේ ඔවුනුයි"

සමුද්‍ර පවසනා විට දෙව්දාර් කෝපයෙන්ම හිස වැනුවේය...

"ම්ම්..එය තහවුරුයි...ශියාව දුටු විට ඔවුන්ගේ මුවෙහි වූ ක්ෂණික වෙනස් වීම් එය නැවත නැවතත් තහවුරු කරනවා...මුර්ගයො..තරුණියක් නොවෙද ඒ කුමරියත්...කෙසේද තවත් තරුණියකට...."

දෙව්දාර් කෝපයෙන්ම මේසය මතට පහරක් ගැසුවේය...

ඔවුන් චන්ද්‍ර මාලිගයට පිටත් වූ පළමු රැයෙහිම භාතිගේ කුඩා පැල්පත ගිනි ගෙන තිබුනි..ඔවුන් මෙවැන්නක් පෙරදීම අපේක්ෂා කල හෙයින්...ඔවුන් පිටතට යාමට මත්තෙන්...හොර රහසේම ඇයව දස්කාල්ගේ කුටියේ රැදවූයේ නැවත පැමිණෙන තෙක් ආරක්ෂාවටය..

ගමන අතරතුරදී භාතිගේ නිවහන ගිණිගත් පුවත කන වැකුණු මොහොතෙහිම දෙව්දාර් විගසින් ශියාව ඔවුන් අසලට ගැනීමට ඉටා ගත්තේය...

''දැන් තිබෙන පැනය...ඔවුන් එම සිදුවීම දැකි පසුවත් කිසිත් නොකර සිටීම...අප බොහෝම හොඳින් දැනුවත් කුමරිය දෙව්දාර්ව ලබා ගැනීමට යමක් සිදු කරන වග...ඉදින් අඩුම තරමින් එය දැකි පසු කෝපගත්තේවත් නොමැති වීම පුදුමයට කරුණක්....කුමක් වුවත් අප විමසිල්ලෙන් සිටිය යුතුයි..."

සමුද්‍ර පවසනා විට සියල්ලන්ම හිස වැනුයේ...හෘදය තුල කැකෑරෙන කෝපයෙන්....

"අර අනෙක් තරුණිය කවුරුන් කියාද ඔබ සිතන්නේ"

භාති ඇසුවේ කල්පනා කරමින් ය...

"මා අනුමාන කරනවා ඒ...ඇය....ප්‍රධාන අමාත්‍යගේ දියණිය"

දස්කාල් මදක් කල්පනා කර පවසනා විට සමුද්‍ර විස්මයෙන් ඔහු දෙස බැලුවේය....

"ඔබ පවසන්නේ??"

"ඔව්....මා සිතනවා ඒ ඇය වග...ප්‍රධාන අමාත්‍යගේ දියණිය කුඩා කල සිටම කුමරියගේ මිතුරියක්...දැන් ඇගේ පියාණන් අතුරුදහන්..දේපල සියල්ල රාජසන්තකයි...දැන්.ඇයට පිහිටක් නොවේ...කුමරිය තම මිතුරියට පිහිට වූවා පිය යුතුයි"

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Kde žijí příběhy. Začni objevovat