තවත් නම් ඉවසුවහොත් සිදුවන්නේ කුමක්දැයි මනාව දන්නා සමුද්‍ර එක්වරම ශියාවත් ඇදගෙන උඩු මහලට ඇවිද ගියේ දෙව්දාර් හට හිසින් සංඥා කරමිනි...
"අසන්නකො ශියා...මා ගියේ ඔබට ත්‍යාගයක් ගැනුමට...වෙනත් දෙයකට නොවෙයි"
සමුද්‍ර ඉතාමත් ආදරයෙන් පවසනු පහල මහලේ සිටි සැමට ඇසුනු අතර දෙව්දාර් හෙමෙන් දස්කාල් දෙස බැලුවේය...
දස්කාල් තම වස්ත්‍ර දෙස බලා සිටිනු දුටු හේ හට හීල්ලුනේ මේ බැල්ම තමා දෙසට නොව...සමුද්‍ර ශියා හට යමක් ගෙන ආවා නම් තමා හට ගෙනා දෙය කුමක්දැයි විපරමට බව දෙව්දාර් මනා සේ දන්නා නිසාය...
දෙව්දාර් සමුද්‍ර නොමැති උඩුමහල වෙත රවා බැලුවේය...ඔහු තව එහාට ගොසින් එය කීවානම් අහවරයිනෙ...මෙතැනටත් ඇසෙන ලෙස කීවේ මොන මගුලකටද....
ඔහු එන අතරමගදී ඇසළ මල් මගින් යමක් තැනුවද....තමා මිලට ගත් රිදී තවම ඒ ලෙසින්ම පසුම්බියෙනෙ හුහ්...
"පැමිණෙන්නකෝ චන්දෲ"
දෙව්දාර් දස්කාල්වද ඇදගෙන මාලිගයෙන් පිටතට පැමිණුනේ භාතිව එතැන තනිකර ලමින් ය..
"හුහ්...පෙම්වතුන් පිටව ගිය පසු සුපුරුදු ලෙසින් මා තනිවම...මාත් පිටව යනවා මගේ ප්‍රේමය බැලීමට...ඔවුන්ට විතරද හැකි හුහ්...ඔහ් මගේ ආහාර පැස....ඔබේ ප්‍රේමවන්තයා පැමිණෙනවා"
දෑස් නටවමින් පැවසූ භාති මුලුතැන් ගෙය වෙත ඇවිද ගියේය....
.
.දස්කාල්වද එක්කාසු කරගෙන මාලිගයෙන් පිටතට පැමිනි දෙව්දාර් දිනේන්ද්‍රාන්තය ඉදිරිපිට තිබි විසල් දේවදාර ගස පාමුල ආසනය මතින් හිදගත්තේය...
"පවුරූ..මටත්"
"මොනවාද?"
දස්කාල් මේ අසනා දෙය දන්නවා වුව නොදන්නවා සේ හැගවූ දෙව්දාර් කතා කලේය....
"ම්හ්ක්....නොහැකියීඊ...සමුද්‍ර ශියා හට ත්‍යාගයක් ලබා දුන්නා....ඔබත් ඔහු සමග පිටව ගියා නම් ඔබ මා හටත් යමක් ගෙන ආ යුතුයිනෙ"
හිදගෙන සිටි ස්තානයෙන් නැගිටි දස්කාල් දෙපා පොලොව මතට ගසමින් කුඩා දරුවෙකු මෙන් කෑගැසූයේ දෙව්දාර් හට සිනහ නැගෙන විටය..හේ තවමත් කෝපයෙන් කෑගසන දස්කාල්ගේ එක් අතකින් ඇද ඔහුව තම උකුල මතට ගත්තේය....
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...